IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


මා බලයෙන් නෙරපීමේ කුමන්ත‍්‍රණයට වත්මන් ජනපති වහීඞ් හසන් සම්බන්ධයි

පොලිසියේ සහ ඇතැම් හමුදා නිලධාරීන් ද හවුල් වී තමාට එරෙහිව ආරම්භ කළ කැරැල්ලට නව ජනපති හසන්ගේ ද අනුමැතිය ලැබී ඇතැයි ධුරයෙන් සමුගත් මාලදිවයින හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්  චෝදනා කරයි. ඒ.එෆ්.පී. පුවත් සේවයේ මාධ්‍යවේදීන් හමුවේ හිටපු ජනපති නෂීඞ් කියා සිටියේ තමා බලයෙන් ඉවත් කිරීමට විපක්ෂය ගෙන ගිය කුමන්ත‍්‍රණයට නව ජනාධිපති මොහොමඞ් වහීඞ් හසන් ද සම්බන්ධ බවය. තමන්ට බලයෙන් ඉවත් වන්නැයි බල කළේ හසන් යැයි ද නෂීඞ් කියා සිටියි. ජනතා විරෝධය හමුවේ නෂීඞ් ඉකුත් 7 වැනිදා ජනපති ධුරයට සමුදුන්නේ එම අවස්ථාවේ උප ජනාධිපති ධුරය හොබවමින් සිටි වහීඞ් හසන්ට බලය පවරමිනි. නෂීඞ් ජනපති ධුරයෙන් ඉවත් වී පැය කිහිපයක් ගත වෙද්දී මාලදිවයින නව ජනාධිපතිවරයා ලෙස මොහොමඞ් වහීඞ් හසන් දිවුරුම් දුන්නේය. කැරැල්ල හට ගත් අවස්ථාවේදී හමුදා මූලස්ථානයට පැමිණි තමන්ට දක්නට ලැබුණේ දහ අට දෙනකුගෙන් සමන්විත පොලිස් සහ හමුදා නිලධාරීන් පිරිසක් හමුදා මූලස්ථානයේ බලය අල්ලා ගෙන සිටි බව යැයි ද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නෂීඞ් කියා සිටියේය. එහිදී එම නිලධාරීන් තමාට ඉල්ලා අස්වන ලෙස බල කර සිටි අතර එසේ නොවුණ හොත් ඔවුන් බලය යෙදීමට කටයුතු කරන බවට තර්ජනය කළ බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. ”ඔවුන් මට කළේ තර්ජයක්. ඒ නිසා මට සිද්ධ වුණා රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තීරණයක් ගැනීමට. විපක්ෂයේ මේ කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ හසන්” යැයි නෂීඞ් අවධාරණය කරයි. කෙසේ නමුත් නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් හසන් පවසන්නේ එම කැරැුල්ලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් නීතිය අකුරටම රට තුළ කි‍්‍රයාත්මක කිරීමට තමා බැඳී සිටින බවත්ය. තුන් ලක්ෂයකට ආසන්න ජනගහනයක් වෙසෙන සංචාරක පාරාදීසයක් වන මාලදිවයින් දූපත් රාජ්‍යය, වසර 30 ක් තිස්සේ පැවැති අබ්දුල් ගයුම්ගේ ඒකාධිපතිවාදී පාලනය අවසන් කර රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ආවේ නෂීඞ්ය. ඒ, 2008 වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති ජනාධිපතිවරණයෙනි. නෂීඞ් සිය ධුරයෙන් සමුගත්තේ තව දුරටත් බලයේ රැඳී සිටිමින් ජනතාව මර්දනය කිරීමට තමාගේ කිසිදු අදහසක් නැති බවත් විපක්ෂය චෝදනා කරන අන්දමට තමන් ඒකාධිපති පාලකයකු නොවන බවත් පවසමිනි. හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්



අදහස් (0)

මා බලයෙන් නෙරපීමේ කුමන්ත‍්‍රණයට වත්මන් ජනපති වහීඞ් හසන් සම්බන්ධයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 90 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15662 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 539 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site