කාන්තා රැකවරණය වෙනුවෙන් යැයි කියමින් තම බිරිඳට පහර දීමට ඇයගේ ස්වාමි පුරුෂයාට අයිතිය හිමි විය යුතු බව පාකිස්තානයේ පිරිසක් නව නීති කෙටුම්පතක් යෝජනා කර තිබේ.
එම යෝජනාවට අනුව බිරිඳ සැමියාගේ නියෝග පිළිනොපැද සිටියිනම් බිරිදට සුළු වශයෙන් පහර දිය හැකිය.
සැමියාගේ රුචියට එකගව ඇඳුම් නොඇඳීම, අවසරයකින් තොරව නාඳුනන පුද්ගලයන් ඇසුරු කිරීම සහ උස් හඩින් කතා කිරීම යන අවස්ථා සැමියාගේ නියෝග පිළිනොපැද ක්‍රියාකිරීම ලෙස අර්ථ දක්වන ඔවුන් එවන් අවස්ථාවන් වලදී සැමියාට පහර දීමට අයිතිය හිමිවිය යුතු බවට සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහැණියකට අත ඉස්සීම පිරිමිකමක් නොවේ (ම)
එතකොට මිනිස්සු කරන වැරදි වලට කුඩා දඩුවම් කරන්නේ ඇයි ? (ම)
පිරිමි සහ ස්ත්‍රී අතර වෙනසක් නැහැ. ඔක්කොටොම තියෙන්නේ එකම නීතිය සහ නිදහස. ස්ත්‍රීන්ට උවමනා විදිහට ජීවත්වෙන්න ඉඩතියෙන්න ඕනෑ. (නි)
මේ නීතිය නම් හොඳ නැහැ. නමුත් ලංකාවේ කාන්තාවන් කොටසක් ඉන්නවා කොහොමවත් හදන්න බැරි. කතාව, වැඩ, කාන්තා බවක් නැති, සැමියට දෙමව්පියන්ට සහ දරුවන්ට සළකන ආකාරය නොදන්නා, පුහු ආටෝප වලින් සැරසි හේතු රහිතව නිතරම පාරේ ගමන් යනු දැකිය හැකි කොටසයි. (නි)
පිරිමි කියන්නේ එක හිත දරාගෙන ඕනෑම තැනක තමන්ගේ ආත්ම ගෞරවය රැක ගන්න පුළුවන් ජාතියක් (ම)
මේ වල් වැදිච්ච සමාජයත් එක්ක ජීවත් වෙන්න හදන එකට තමයි ලංකාවේ සහජීවනය කියන්නේ . (ම)
මේ නීතිය මුලු ලෝකෙටම පනවන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. (නි)
ඔය නීතිය පකිස්ථානයට හොඳ ඇති අපට වුවමනා නැත (ම)
හේතු බැලුවහම ගෙනෙන්නට යන නීතියේ වරදකුත් නැත. (නි)
පාකිස්තානේ කොහොම වුනත් ඉතාලියේ ලාංකිකයන් අතර නම් ගෑනුන්ගෙන් මිනිස්සු ගුටිකන ප්‍රමාණය වැඩියි. හේතුව මිනිස්සුන්ගේ බේබදුකම. (ම)
එතකොට සැමියා නාඳුනන කාන්තාවන් එක්ක ඇසුරු කරනකොට, ‘අනේ කමක් නැහැ‘. එහෙමද? (නි)
පකිස්ථානය කියන්නේ තවමත් ගෝත්‍රික අදහස් තියෙන අය ඉන්න කොටසක්. (කෞ)
කාන්ති මෙම නීතිය ගෙන එන්නේ පාකිස්තානයේ එහෙ ආගම ඉස්ලාම් එම ආගමේ හැටියට පිරිමියෙකුට ගැහැණු 7 බඳින්න පුළුවන් අනික ඔයාව වුනත් හඳුනා ගැනීමට කලින් ඔයාගේ සැමියාට ඔයා නාඳුනන කාන්තාවක් අනික සැමියා අදුනන තවත් කාන්තාවන් එක්ක ඇසුරු කළාට කමක් නැද්ද ? ප්‍රශ්න ගොඩක් නේද (බ)
කාන්ති, එ්ක ඔයා පාකිස්තානයේ ඉන්න මුස්ලිම් අයගෙන්ම අහන්න. (බ)
මේක නම් පුරුෂාධිපත්‍යයේ නරකම අවස්ථාවක්. පකිස්තානයේ එක තරුණයෙක් කළ වරදට ගෝත්‍ර සභාවෙන් දීපු දඬුවම මොකක්ද දන්නවද? ඒ තරුණයාගේ නැගණිය පිරිමින් 100 ක් ලවා දුෂණය කරවන්න. මේක ලෝකය පුරා පැතුරුනා. සමාජ වෙබ් අඩවිවල පකිස්තාන් රජය පතුරු ගැහුවා. රජයට ඇති වූ ලැජ්ජාව නිසාදෝ ඒ තීන්දුව දීපු ගෝත්‍ර සභාවේ එවුන් අත් අඩංගුවට ගත්තා. සාමාන්‍යයෙන් වැදගත් අදහස් පල කරන පිට බැද්දර ජයාටත් අමු කැවිලා බව පේනවා අද. (බ)
මම මේ නීතියට විරුද්ධයි. එ්ත් ගැහැණුන්ව පාලනය කළ යුතුමයි (බ)
මෙය පකිස්තානයට අදාළව සර්ව සාධාරණයි. විශේෂයෙන්ම දෙවැනි කරුණ සම්බන්ධව. (නි)
ඒක නේන්නම් පිටබැද්දර ජයෝ අපේ රටේ 4 දැරිය සිට අවුරුදු 80 ආච්චි දක්වාම ගෙට දමලා දොර වහලා තියන්න සිද්ධ වෙලා තියෙන්නේ (බ)
මේ නීති හදපු කෙනාව මුණගැහෙන්න මම කැමතියි. (නි)
මේ වල් වැදිච්ච සමාජයත් එක්ක ජීවත් වෙන්න හදන එකට තමයි ලංකාවේ සහජීවනය කියන්නේ තාමත් සිංහලුන්ගේ ඇස් ඇරිලා නෑ. (රේ)
පිරිමියා පිරිමියෙක් විදිහට හිටියොත් ගැහැණිය තම නිසි තැන ඉදිවී .(ම)
මම අහන්න කැමතියි පිරිමි කරන ඕනෑදෙයක් කරන්න ගැහැණුන්ටත් කරන්න පුළුවන් කියා කියන අයගෙන්, තමන්ගේ බිරිඳ හිතුවත්කාරකමෙන් අන්‍ය පිරිමින් එක්ක සම්බන්ධකම් පවත්වනවා නම් එම ස්වාමි පුරෂයාගේ ප්‍රතිචාරය කුමක් වියයුතුද කියා. ගැහැණු අයගේ ගෞරවය / ආරක්ෂාව සමාජයක ඉහළින්ම පැවතිය යුතුයි (නි)
මෙවැනි ආගමක්, නීතියක් නිර්මාණය කළේ මුළු ලෝකයෙන්ම පළිගන්නද? විනාස කරන්නද ?????? මේවා මිනිසුන්ට නොතේරෙන්නේ ඇයි ??? (ම)