IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


බිරියට පහර දෙන්න පුළුවන් නීතියක් හදන්න යයි

කාන්තා රැකවරණය වෙනුවෙන් යැයි කියමින් තම බිරිඳට පහර දීමට ඇයගේ ස්වාමි පුරුෂයාට අයිතිය හිමි විය යුතු බව  පාකිස්තානයේ පිරිසක් නව නීති කෙටුම්පතක් යෝජනා කර තිබේ.

එම  යෝජනාවට අනුව බිරිඳ සැමියාගේ නියෝග පිළිනොපැද සිටියිනම් බිරිදට සුළු වශයෙන් පහර දිය හැකිය.

සැමියාගේ රුචියට එකගව ඇඳුම් නොඇඳීම, අවසරයකින් තොරව නාඳුනන පුද්ගලයන් ඇසුරු කිරීම සහ උස් හඩින් කතා කිරීම යන අවස්ථා සැමියාගේ නියෝග පිළිනොපැද ක්‍රියාකිරීම ලෙස අර්ථ දක්වන ඔවුන් එවන් අවස්ථාවන් වලදී සැමියාට පහර දීමට අයිතිය හිමිවිය යුතු බවට සදහන් කරයි.



අදහස් (0)

බිරියට පහර දෙන්න පුළුවන් නීතියක් හදන්න යයි

නලීන් Monday, 30 May 2016 06:03 AM

ගැහැණියකට අත ඉස්සීම පිරිමිකමක් නොවේ (ම)

:       0       0

ටිකිර Sunday, 29 May 2016 10:03 AM

එතකොට මිනිස්සු කරන වැරදි වලට කුඩා දඩුවම් කරන්නේ ඇයි ? (ම)

:       0       0

ලෙනාර්ඩ් Monday, 30 May 2016 10:16 PM

පිරිමි සහ ස්ත්‍රී අතර වෙනසක් නැහැ. ඔක්කොටොම තියෙන්නේ එකම නීතිය සහ නිදහස. ස්ත්‍රීන්ට උවමනා විදිහට ජීවත්වෙන්න ඉඩතියෙන්න ඕනෑ. (නි)

:       0       0

ජයන්ත Monday, 30 May 2016 10:57 PM

මේ නීතිය නම් හොඳ නැහැ. නමුත් ලංකාවේ කාන්තාවන් කොටසක් ඉන්නවා කොහොමවත් හදන්න බැරි. කතාව, වැඩ, කාන්තා බවක් නැති, සැමියට දෙමව්පියන්ට සහ දරුවන්ට සළකන ආකාරය නොදන්නා, පුහු ආටෝප වලින් සැරසි හේතු රහිතව නිතරම පාරේ ගමන් යනු දැකිය හැකි කොටසයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 29 May 2016 12:02 PM

පිරිමි කියන්නේ එක හිත දරාගෙන ඕනෑම තැනක තමන්ගේ ආත්ම ගෞරවය රැක ගන්න පුළුවන් ජාතියක් (ම)

:       0       0

දිලු Wednesday, 01 June 2016 03:42 AM

මේ වල් වැදිච්ච සමාජයත් එක්ක ජීවත් වෙන්න හදන එකට තමයි ලංකාවේ සහජීවනය කියන්නේ . (ම)

:       0       0

තිලංක Tuesday, 31 May 2016 02:25 AM

මේ නීතිය මුලු ලෝකෙටම පනවන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. (නි)

:       0       0

කුරුවිට සුනිල් Sunday, 29 May 2016 01:30 PM

ඔය නීතිය පකිස්ථානයට හොඳ ඇති අපට වුවමනා නැත (ම)

:       0       0

බමුණුසිංහ Saturday, 28 May 2016 10:41 PM

හේතු බැලුවහම ගෙනෙන්නට යන නීතියේ වරදකුත් නැත. (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 29 May 2016 05:23 PM

පාකිස්තානේ කොහොම වුනත් ඉතාලියේ ලාංකිකයන් අතර නම් ගෑනුන්ගෙන් මිනිස්සු ගුටිකන ප්‍රමාණය වැඩියි. හේතුව මිනිස්සුන්ගේ බේබදුකම. (ම)

:       0       0

කාන්ති Sunday, 29 May 2016 02:26 AM

එතකොට සැමියා නාඳුනන කාන්තාවන් එක්ක ඇසුරු කරනකොට, ‘අනේ කමක් නැහැ‘. එහෙමද? (නි)

:       0       0

තෙෂාන් Sunday, 29 May 2016 02:52 AM

පකිස්ථානය කියන්නේ තවමත් ගෝත්‍රික අදහස් තියෙන අය ඉන්න කොටසක්. (කෞ)

:       0       0

බමුණු Sunday, 29 May 2016 03:16 AM

කාන්ති මෙම නීතිය ගෙන එන්නේ පාකිස්තානයේ එහෙ ආගම ඉස්ලාම් එම ආගමේ හැටියට පිරිමියෙකුට ගැහැණු 7 බඳින්න පුළුවන් අනික ඔයාව වුනත් හඳුනා ගැනීමට කලින් ඔයාගේ සැමියාට ඔයා නාඳුනන කාන්තාවක් අනික සැමියා අදුනන තවත් කාන්තාවන් එක්ක ඇසුරු කළාට කමක් නැද්ද ? ප්‍රශ්න ගොඩක් නේද (බ)

:       0       0

වරුණ Sunday, 29 May 2016 03:59 AM

කාන්ති, එ්ක ඔයා පාකිස්තානයේ ඉන්න මුස්ලිම් අයගෙන්ම අහන්න. (බ)

:       0       0

උපාලි Tuesday, 31 May 2016 03:55 PM

මේක නම් පුරුෂාධිපත්‍යයේ නරකම අවස්ථාවක්. පකිස්තානයේ එක තරුණයෙක් කළ වරදට ගෝත්‍ර සභාවෙන් දීපු දඬුවම මොකක්ද දන්නවද? ඒ තරුණයාගේ නැගණිය පිරිමින් 100 ක් ලවා දුෂණය කරවන්න. මේක ලෝකය පුරා පැතුරුනා. සමාජ වෙබ් අඩවිවල පකිස්තාන් රජය පතුරු ගැහුවා. රජයට ඇති වූ ලැජ්ජාව නිසාදෝ ඒ තීන්දුව දීපු ගෝත්‍ර සභාවේ එවුන් අත් අඩංගුවට ගත්තා. සාමාන්‍යයෙන් වැදගත් අදහස් පල කරන පිට බැද්දර ජයාටත් අමු කැවිලා බව පේනවා අද. (බ)

:       0       0

සම්පත් Tuesday, 31 May 2016 05:56 AM

මම මේ නීතියට විරුද්ධයි. එ්ත් ගැහැණුන්ව පාලනය කළ යුතුමයි (බ)

:       0       0

ධම්ම Sunday, 29 May 2016 05:17 AM

මෙය පකිස්තානයට අදාළව සර්ව සාධාරණයි. විශේෂයෙන්ම දෙවැනි කරුණ සම්බන්ධව. (නි)

:       0       0

අරුණි Monday, 30 May 2016 10:18 AM

ඒක නේන්නම් පිටබැද්දර ජයෝ අපේ රටේ 4 දැරිය සිට අවුරුදු 80 ආච්චි දක්වාම ගෙට දමලා දොර වහලා තියන්න සිද්ධ වෙලා තියෙන්නේ (බ)

:       0       0

ඉන්දු Sunday, 29 May 2016 05:45 AM

මේ නීති හදපු කෙනාව මුණගැහෙන්න මම කැමතියි. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Sunday, 29 May 2016 06:18 AM

මේ වල් වැදිච්ච සමාජයත් එක්ක ජීවත් වෙන්න හදන එකට තමයි ලංකාවේ සහජීවනය කියන්නේ තාමත් සිංහලුන්ගේ ඇස් ඇරිලා නෑ. (රේ)

:       0       0

තුසිත Monday, 30 May 2016 04:28 AM

පිරිමියා පිරිමියෙක් විදිහට හිටියොත් ගැහැණිය තම නිසි තැන ඉදිවී .(ම)

:       0       0

සහීඩ් කටාර් Tuesday, 31 May 2016 09:26 PM

මම අහන්න කැමතියි පිරිමි කරන ඕනෑදෙයක් කරන්න ගැහැණුන්ටත් කරන්න පුළුවන් කියා කියන අයගෙන්, තමන්ගේ බිරිඳ හිතුවත්කාරකමෙන් අන්‍ය පිරිමින් එක්ක සම්බන්ධකම් පවත්වනවා නම් එම ස්වාමි පුරෂයාගේ ප්‍රතිචාරය කුමක් වියයුතුද කියා. ගැහැණු අයගේ ගෞරවය / ආරක්ෂාව සමාජයක ඉහළින්ම පැවතිය යුතුයි (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 30 May 2016 11:20 AM

මෙවැනි ආගමක්, නීතියක් නිර්මාණය කළේ මුළු ලෝකයෙන්ම පළිගන්නද? විනාස කරන්නද ?????? මේවා මිනිසුන්ට නොතේරෙන්නේ ඇයි ??? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 349 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 401 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site