වැඩ මුරය අවසන් වීමෙන් පසු ලැබෙන විද්‍යුත් ලිපි වලට පිළිතුරු නොයවා සිටීමේ අවසරය සේවකයින්ට හිමිවන නව නීතියක් ප‍්‍රංශය අද (1) සිට කි‍්‍රයාත්මක කර ඇත.
50 කට අධික සේවක පිරිසක් සිටින සමාගම් වල සේවකයින්ට මෙම නීතියෙන් ලැබෙන සහනය භුක්තිවිදිය හැකි අතර ඒ සදහා මුලින්ම තමන් නිසි අයුරින් සේවයේ යෙදෙන පුද්ගලයෙක් බව සහතික කර ගැනීම අවශ්‍යය.අනතුරුව විද්‍යුත් ලිපි යැවීමට හෝ ලැබෙන ලිපි වලට පිළිතුරු ලිවීමට හෝ නොහැකි පැය ගණන සදහන් කිරීමෙන්, එම පැය ගණනට අදාළ කාලයේ විද්‍යුත් ලිපි ගනුදෙනුවෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිමේ අවසරය හිමිකරගත හැකිය.
මෙම නීතියට සහය දක්වන පිරිස් පවසන්නේ වැඩ මුරයට පසු සේවකයින්ගෙන් අපේක්ෂා කෙරෙන මෙවන් කටයුතු වලට නිසි ගෙවීමක් සිදුනොකෙරෙන බවයි.ඊට අමතරව මෙසේ සේවා මුරයෙන් බැහැර කාලවලදී විද්‍යුත් ලිපි වලට පිළිතුරු යැවීමට සිදුවීමෙන් සේවකයන් ආතතියට, අධික වෙහෙසට පත්වන බවත්, ඇතැම් අවස්ථා වල පවුල් ආරවුල් ඇතිවීම දක්වා තත්ත්වය දුරදිග යන බවත් ඔවුන් කියයි.
මෙවන් නීති වලට සමාගම් වල සහය හිමිය.ඒ එවිට සේවකයින් වැඩ වර්ජන වලට, විරෝධතා වලට කාලය වැය නොකර සේවයේ යෙදෙන බැවින්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශයට වඩා ලංකාව හුඟක් ඉදිරියෙන් ඉන්නා රටක්. ලැබෙන ලිපි වලට පිළිතුරු නොයවා සිටීමේ අවසරය අපේ නිලදරුවන්ට ලැබුනේ මීට සෑහෙන කලින් (නි)
ඒ තියා අපරාධ විමර්ශන කොට්ඨාශයට නොයා සිටීමේ අවසරයත් ඇමතිවරුන්ට හිමියි ලංකාවේ නම්. (නි)