IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ප්‍රබල සුළි කුණාටුවකින් ජපානයේ ගමනාගමනයට බාධා

ජපානයට බලපා ඇති ප්‍රබල සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ගමනාගමන සේවාවලට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇත.

ඒ අනුව හෙට දිනයට නියමිත අභ්‍යන්තර ගුවන් ගමන් වාර 1500 කට අධික සංඛ්‍යාවක් අවලංගු කර තිබේ.

ඒ අතර ජපාන ගුවන් සේවා සමාගමේ ගුවන් යානා 540 ක ගමන් වාර අත්හිටුවා ඇත.

යාවත්කාලීන වන තොරතුරු පිළිබ‍ඳ දැනුවත් වීම සඳහා වෙබ්අඩවි සහ සමාජ මාධ්‍ය නිරන්තරයෙන් භාවිත කරන ලෙස ගුවන් සේවා බලධාරින් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර හෙටට නියමිත ෂින්කන්සන් බුලට් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර ඇති බව ද ජපාන දුම්රිය සමාගම පවසයි.  

-226-

(එන්.එච්.කේ ඇසුරෙනි)

 



අදහස් (0)

ප්‍රබල සුළි කුණාටුවකින් ජපානයේ ගමනාගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site