ගුවන් යානය පියාසර කරමින් තිබෙන අතරතුර නියමු කුටියට ගෙන්වා ගත් මෝස්තර නිරූපණ ශිල්පිනියක හා ඡායාරූප වලට පෙනී සිටි වියට්නාම ජාතික ගුවන් නියමුවන් දෙදෙනෙකුට වැඩ වැරදී ඇත.
මේ ඡායාරූප ගන්නා අවස්ථාවේදී යානය තිබී ඇත්තේ පොළොවේ සිට අඩි දහස් ගණනක් උඩිනි.
ඡායාරූප වලට පෙනී සිටින අවස්ථාවේ ගුවන් යානය ‘‘ස්වයංක‍්‍රීය නියමු‘‘ පාලනය යටතේ පැවැත ඇතැයි සදහන්ය.ස්වයංක‍්‍රීය නියමු පාලනයේදී ගුවන් යානය ස්වයංක‍්‍රීයවම හැසිරවීම සිදුවන අතර එය සිදුකරන්නේ ගුවන් යානයේ පරිගණක පද්ධතිය මගිනි.ගුවන් යානය ස්වයංක‍්‍රීය නියමු පාලනයට යොමු කළ විට ගුවන් නියමුවෙක් යානය පාලනය කිරීමට අවශ්‍ය නොවේ.එසේ වුවද ස්වයං පාලනයට ගුවන් යානය යොමු කර විවේක ගැනීමේ අවසරයක් කිසිදු ගුවන් නියමුවෙකුට ලබා නොදෙයි.ගුවන් යානයේ ගමන් මග පරීක්ෂා කිරීම,පාලන පුවරුව පරීක්ෂා කිරීම,අවශ්‍ය විටකදී ස්වයං පාලනයෙන් තමන් අතට ගුවන් යානය ගැනීම ආදී කටයුතු සිදු කිරීමට ගුවන් නියමුවා හොද අවධානයෙන් සිටිය යුතුම වේ.
තම වගකීම් අමතක කර ඇති මේ වියට්නාම ගුවන් නියමුවන් දෙදෙන වරෙකට එකා බැගින් මෝස්තර නිරූපණ ශිල්පිණිය සමග ඡායාරූප වලට පෙනී සිට ඇත.මේ ඡායාරූප කෙසේ හෝ අන්තර්ජාලට එක් වී ඇති අතර ගුවන් නියමුවන් දෙදෙනාට දඩුවම් කිරීමට වියට්නාම ගුවන් සේවය තීරණය කර ඇත්තේ ඒවා දැකීමෙනි.ගුවන් නියමුවන් දෙදෙනාට මසක වැඩ තහනමක් පනවා දඩයන්ද නියම කිරීමට බළධාරීන් ක‍්‍රියා කර ඇත.මේ හා සමානම සිදුවීමක් ඉන්දියාවෙන්ද පසුගියදා වාර්තා වූ අතර එහිදී ගුවන් සේවිකාවකට යානයේ පාලනය භාර දුන් ගුවන් නියමුවන් දෙදෙන ව්‍යාපාරික පන්තියට වී නිදා ගෙන සිට බව සදහන් විය.
COMMENTS
ඕවා ඇතුළේ මොන මොන වැඩ වෙනවද දන්නෙ නැහැ (නි)
තාක්ෂණය දියුණු කාලයේ ,ගුවන් යානා සමගම නිතරම පියාසර කරන නියමුවන් සමග සම්බන්ධතාවයක් තබාගත යුතුයි, කැමරා සවිකර තිබීමෙන් ඔවුන් හරියට රාජකාරිය ඉටුකරනවාද පරීක්ෂා කිරීමට..සමාගමට එය අපහසු නම් නියමු කුටියේ කැමරාව මගීන්ට බැලීමට සැලැස්විය යුතුයි.මගීන්ගේ ජීවිත ගැන නොසලකා නොහොබිනා වැඩ කරනවට කන හරහට දෙකක් දෙන්නයි තියෙන්නේ (නි)
එතකොට මේගොල්ලගේ පින්තූර ගත්තු කෙනාට මොකද වුණේ? (නි)
අනේ ඉතින් අපි කන බොන මිනිස්සු නේ. ඔය පින්තූරයක් ගත්තට ඔච්චර දඬුවම් දෙන්ට ඕනෙයෑ? (නි)
පින්තුර අරගෙනද නැත්තම් ..........? (ස)
මේ දෙන්නටම ගෙවල් වලිනුත් සෝලි එන්න ඇති. (නි)
නිළිය දැක්කම උන් හිටි තැන අමතක වෙන්න ඇති. (ස)
දඩුවම නම් මදි. (ස)
චිත්තයක් දැක්කොත් විනාසයි. (ස)
මෙයාලට මගින් ගැන තියා තමන් ගැනවත් ගානක් නැති හැටි (නි)
අර සුන්දරියට මොකද දඬුවමක් නොදෙන්නේ? අවරුදු 5 කට ගුවන් ගමන් බලපත තහනම් කරනු. මම පෙළපාලි යනවමයි.(නදී)
යන්නේ නැහැ මීට පස්සේ එයාර් ඉන්දීයා වල නම්.(නදී)
මේ වගේ පිස්සු නටාගෙන ගිහින් යානය පුපුරලා වැටුනා නම් කියයි "අල්කයිඩා" එකේ වැඩක් කියලා (නි)
මෙවැනි දේවල් කරන අයට නිසි දඩුවම් දියයුතුයි (නි)
හේරත් කොල්ලෝ නැගපිය පොල් ගහකට.(නදී)
අම්මප හැබෑව...පොල්ගහට නැග්ගොත් හරියටම හරි. ඒ වුණාට වටපිටාවේ අයියලා බලන් ඉන්නේ වෙන දේකට නෙවැ.ගැටලුව එතනයි මාමේ. (නි)