IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


නාසා ආයතනය අලුත් ග්‍රහ මණ්ඩලයක් සොයාගනී

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝක මණ්ඩලයක් සොයා ගැනීමට නාසා ආයතනය සමත්ව ඇතැයි නාසා ආයනයේ නවතම වාර්තා සඳහන් කරයි.

ලෝක ඉතිහාසයේ පළමු වරට මෙසේ ග්‍රහලෝක 100ක් එකවර නිරීක්ෂණය කිරීමට හැකිවීම විශේෂත්වයක් බවද නාසා ආයතනය කියයි. ඉන් ග්‍රහලෝක 9කම පෘථිවියට සමාන එනම් ජීවීන්ට හිතකර වායුගෝලයක් පවතින බව තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

කෙප්ලර් දුරේක්ෂය මගින් කළ දිගුකාලීන නිරීක්ෂණයක ප්‍රතිඵල ලෙස මෙම ග්‍රහලෝක මණ්ඩලය සොයා ගැනීමට සමත්වූ බව නාසා ආයතනය පෙන්වා දෙයි.

‘කෙප්ලර් දුරේක්ෂය හඳුන්වාදීමට පෙර මන්දාකිණිය අපට දුර බව දැනුණා. කෙප්ලර් සහ පරීක්ෂණ කණ්ඩායමට ස්තූතිවන්ත වෙන්න අපි දන්නවා තාරකා හැරුණු විට තවත් ග්‍රහවස්තු තිබෙන බව.‘ යැයි  නාසා ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන තාරකා භෞතික විද්‍යාඥ පෝල් හර්ට්ස් පවසයි. අප විශ්වයේ හුදකලා නොවී තවත් සොයාගැනීම් සඳහා යොමුවීමට මේ දැනුම ගොඩක් වැදගත් විය හැකි බවද ඔහු කියයි.

 



අදහස් (0)

නාසා ආයතනය අලුත් ග්‍රහ මණ්ඩලයක් සොයාගනී

හිමාල් Wednesday, 11 May 2016 07:37 AM

එක් එක් ආයතනවල ප්‍රමුඛතා වෙනස්. අභ්‍යවකාශ ගවේෂණය එක් ආයතනයක ප්‍රමුඛතාවක් වෙද්දි සොබා දහම තවත් ආයතනයක් ප්‍රමුඛතාවක්. ඕකට කලින් මේක කරන්න කියලා වැඩක් නෑ. (බ)

:       0       2

සමන් මිලානෝ Thursday, 12 May 2016 12:31 AM

අපෝ පිටිගල දන්නා අාලෝක වර්ෂ? (නි)

:       0       0

සංජීව Wednesday, 11 May 2016 07:40 AM

දැන් ඉතින් බොරු ආගම් කාරයෝ තමා රෙදි ගැලවෙන්නේ...ආතර් සී ක්ලාර්ක් මහතා 2050 දේ බුදුදහම මුල්තැන ගන්නවා කීව කතාව ඇත්ත වේගෙන යන්නේ....(බ)

:       1       1

පිටිගල මිලානෝ Wednesday, 11 May 2016 07:47 AM

කොතරම් නිරීක්ෂණයන් කර ග්‍රහ වස්තුන් හඳුනා ගත්තත් ඒවා සහ පෘතුවිය අතර ඇති දුර ප්‍රමාණය සළකා බලනවිට අප එම ග්‍රහවස්තු දකින්නේ ආලෝක වර්ෂ ගණනාවකට (අවුරුදු දසලක්ෂ ගණනාවක්) පෙර එය තිබු ආකාරයයි. වර්තමානයේ එය පවතිනවාද, නැද්ද යන්නවත් අප දන්නේ නැත. උදාහරණයක් ලෙස පෘථිවියට ආලෝක වර්ෂයකට දුරින් ඇති ග්‍රහවස්තුවක ආලෝක ධාරාවක් අපේ ඇසේ ගැටෙන්නේ එය ඉන් නිකුත්වී ආලෝක වර්ෂයකට පසුව වීමයි. (නි)

:       0       0

ටිකිරි Thursday, 12 May 2016 01:17 AM

මේගොල්ලෝ මේ ආලෝක වර්ෂ ගණන් එහා තියෙන එ්වට යන්න හදනවා. තාම මට අැමෙරිකාවටවත් යාගන්න බැරිවුණා. මිනිස්සු හඳට ගියෙත් එකපාරක් විතරයි. තියෙන තැන ලස්සනට ඉන්නේ නැතුව, අාලෝක වර්ෂ ගණන් එහා තියෙන එ්වට යන්න හදනවා (නි)

:       0       0

ඇන්තනි Wednesday, 11 May 2016 12:54 PM

පිටිගල ළමයෝ ආලෝක වර්ෂ වලින් කියන්නේ එම ස්ථානයට ඇති දුර පමණයි .. ඔයා ගොඩක් පටලවාගෙන .(අ)

:       0       0

නිමල් Wednesday, 11 May 2016 02:09 PM

ඇන්තනි පටලවාගෙන ඉන්නේ ඔයයි. මිලානෝ ගේ අදහස හරි. (ර)

:       0       0

ගලබඩ Wednesday, 11 May 2016 02:40 PM

ඇන්තනි, ආලෝක වර්ෂයක් යනු වර්ෂයක් තුල ආලෝක ධාරාවක් ගමන් කරන දුරයි. මම මෙහිදී අදහස් කර ඇත්තේ මෙවන් අතිවිශාල දුර ප්‍රමාණයට අනුරූපව කාලයද වසර ලක්ෂ ගණනින් වෙනස් වන ආකාරයයි. එනම් අප සත්‍යයෙන්ම වර්තමානයේ ග්‍රහ වස්තුවක් දකින්නේ එහි ඉතාමත්ම පැරණි අතීතයක් බවයි. ඇන්තනි ඔබ ඉතාලියේද ඉන්නේ? ඒ නිසා වෙන්න ඇති මේ දේවල් තේරුම් ගන්න අමාරු. (ර)

:       0       1

ප්‍රසන්ත Wednesday, 11 May 2016 03:13 PM

ආලෝක වර්ෂයක් යනු ආලෝකය වර්ෂයකදී ගමන් කරන දුර. නිකමට හිතල බලන්න ආලෝකයේ වේගය කිය්යද කියල එක තත්පරයකට ආලෝකය කිලෝමෙටෙර් 299792 ගමන් කරනවා ආලෝක වර්ෂයකට අැතින් තියෙන ග්‍රහලෝකයකින් නිකුත් වෙන ආලෝක තරංඟයක් අපි දකින්නේ හරියටම වර්ෂයට පස්සේ (බ)

:       0       0

රජින්ද Wednesday, 11 May 2016 05:23 AM

විශ්වයේ අපේ හුදෙකලා බව මකන්න කලින් බැරිවෙයිද අපි ඉන්න මේ ලෝකේ සොබාදහම රැකගන්න. මොකද මෙයාලා අලුත් මන්දාකිණි හොයන අතරවාරේ අපේ මිහිකත අඳුරු වෙමින් යන නිසා. (නි)

:       0       0

මනුල Wednesday, 11 May 2016 05:02 PM

රජින්ද ඉමග මමත් එකඟයි. (ර)

:       0       0

බටුගෙදර Wednesday, 11 May 2016 06:17 AM

අනේ මන්දා! මට නම් මේවා දැකලා හිනාත් යනවා. රජින්ද, ඔබ හරි (නි)

:       0       0

විජේරත්න Wednesday, 11 May 2016 06:56 AM

අනේ ඉතින් එදා වේල කන්න නැති මිනිස්සු මේ ලෝකේ කොච්චර ඉන්නවද. ග්‍රහලෝක හොයන්න කලින් ඒ අහිංසක මිනිස්සුන්ව හොයලා කන්න වේලක් දුන්නොත් මොන තරම් පින් සිද්ධ වේවිද.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 524 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 477 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site