නේපාල රජය එරට පාසල්වලට ඉංගී‍්‍රසි නම් යෙදීම තහනම් කිරීමට යයි. ඉංගී‍්‍රසි නම්වලින් රටේ පාසල් හැඳින්වීම දේශීය සංස්කෘතියට හානියක් වන හෙයින් එම තීරණය ගැනීමට තමන්ට සිදුවුනැයි නේපාල රජය පවසයි. රජය මෙම තීරණයට එළැඹුණේ ශිෂ්‍ය සහ තරුණ සංගම් උද්ඝෝෂණ පවත්වමින් කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්ය. ඉංගී‍්‍රසි නම්වලින් හැඳින්වෙන පාසල්වලට දේශීය නම් තැබීමට ප‍්‍රමාණවත් කාලයක් ලබා දෙන බව ද නේපාල රජය වැඩිදුරටත් කියා සිටී.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
තමන්ගේ රටේ සංස්කෘතිය තමන්ට වටිනවා. හොද යෝජනාවක්. (නි)
මොනවා කලත් හොද තීරණයක් (දී)
එහෙම දෙයක් ලංකාවෙත් කරනවා නම් කොයි තරම් හොඳද . (දී)
ඔන්න ආදර්ශමත් රටක් , මේවා අපිට හොඳ පාඩම් ,සුද්දෝ රට විනාසකරලා ගියාට පස්සෙත් ගැතිකම් කරනවා..(ස)
ඔහොම ගිහින් ඉංග්‍රීසි හෝඩියත් තහනම් කරයිද දන්නෙ නැහැ (නි)
නියම අදහස. ඉංග්‍රීසි අකුරු පාවිච්චියත් නැවැත්තුවා නම් සංස්කෘතිය තව තවත් රැකේවී. (ස)
ඇයි අපේ ඉස්කෝල වලට ඔය නීතිය ගේන්න බැරි (දී)
ලංකාවටත් හදයි ඒක (දී)
ලංකාවටත් ඕක ආදර්ශයක් (දී)
අපේ තියෙන්නෙම ඉංග්‍රීසි නම් නේද (දී)
අපිට බැරිද ඔහොම කරන්න (දී)
ජාතික හැගීම (දී)
පිස්සු වැඩක්/බොරු වැඩක්.මෙම රෝගය අපි රටට නැති එක හොඳයි.අපේ රටේ මෙය සිද්ධ වුනොත් වන්නෙ බණ්ඩාරනායක යුගයයි. (ස)
අන්න නියමයි