තුර්කිය ආසන්නයේ ඊජියන් මුහුදේ බෝට්ටුවක් පෙරළීමෙන් මිය ගිය 21 දෙනකුගේ සිරුරු වෙරළාසන්න ප්‍රදේශයෙන් සොයාගත් බව තුර්කි ආරක්ෂක භට පිරිස් කියයි. මිය ගිය 21 දෙනා අතර ළමුන් තිදෙනකු සිටින බවද කියති.
ග්‍රීසියට අයත් ලෙස්බොස් දූපතට යමින් තිබූ සරණාගතයින් පිරිසක් සහිත බෝට්ටුවක් එසේ පෙරළී ඇති බවත් එහි ගිය පිරිසෙන් 11 දෙනකුගේ සිරුරු අයිවාලික් දිස්ත්‍රික්කයෙන්ද තවත් දස දෙනකුගේ සිරුරු දිකිලි දිස්ත්‍රික්කයෙන්ද සොයාගත් බව තුර්කි ආරංචි කියයි.
තවත් බෝට්ටු තුනකින් හා හෙලිකොප්ටරයකින් එහි ගිය පිරිස් සොයා මෙහෙයුම් අරඹා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd