ඇෆ්ගන් පොලිස් සේවයට බැඳී, තම සහෝදර පොලිස් නිලධාරීන්ගේ විශ්වාසය දිනා ගත් තලේබාන් සටන්කාමියකු ඊයේ (28) ඔහු අනුයුක්තව සිටි පොලිස් ස්ථානයේ නිලධාරීන්ට මත්පැන් පොවා සිහි නැති කර, ඒ බව තලේබාන් සටන්කාමීන්ට දන්වා එම සටන්කාමීන් ලවා ඔවුන් ඝාතනය කරවා ඇත.
ඇෆ්ගනිස්තානයේ ඝසානී ප‍්‍රාන්තයේ පොලිස් නිලධාරීහු 17 දෙනෙක් එසේ ඝාතනයට ලක් වූහ. එම සටන්කාමියා පොලිසියට බැඳී ඇත්තේ මීට වසර කිහිපයකට පෙරය.
ඔහු පොලිස් නිලධාරීන් මරා දැමීමට සුදුසු අවස්ථාව ලැබෙන තෙක් බලා සිට කි‍්‍රයාත්මක වී ඇතැයි ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි.
තලේබාන් සටන්කාමීහු ඇෆ්ගන් ආරක්ෂක අංශවලට බැඳී ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් මීට පෙර ද ප‍්‍රහාර එල්ල කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි සත්‍ය කවුරුත් වටහාගන්න. තරුණයන්ව හමුදාවට බදවගන්නවා. නේටෝ හමුදාව බෝම්බ අටවා හමුදා නිලදාරීන් මරාදමා ටලේබාන් පිට දානවා. එක ගලෙන් කුරුල්ලෝ දෙකයි. ලෝකය ඉදිරියේ ටලේබාන් මිනීමරුවෝ වෙනවා. අනෙක් පැත්තෙන් ඇෆ්ගනිස්ථානයේ ජව තරුණයින් හීන වෙලා යනවා. (නි)
මුස්ලිම් නේද ??? (ස)