ඇෆ්ගන් තලේබාන් සංවිධානය විසින් කටාර් රාජ්‍යයේ දෝහාහි පිහිටුවූ ‘සාම කාර්යාලයට’ ඇෆ්ගන් වැසියන්ගෙන් විරෝධයක් එල්ල වෙමින් පවතී.
එම ‘සාම කාර්යාලයට’ විරෝධය පාමින් කාබුල් නුවර විරෝධතා රැලියක් ද පැවැත් වුණු අතර, ඊට දහසකට ආසන්න පිරිසක් රැස්ව සිටියහ.
වසර 12 ක් තිස්සේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරමින් අහිංසක වැසියන් දහස් ගණනින් අමු අමුවේ මරා දැමූ තලේබාන් සංවිධානය සමඟ සාම කතා අවශ්‍ය නැති බවත්, යුද්ධයෙන් ඔවුන් පරාජය කළ යුතු බවත් විරෝධතාවට එක් වූ පිරිස ඇෆ්ගන් රජයට පැවැසූහ.
ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි ප‍්‍රමුඛ රජය වසර කිහිපයක සිට උත්සහ ගත්තේ තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡුා පැවැත්වීමටය. ඒ සඳහා ඇෆ්ගන් රජය සාම මණ්ඩලයක් ද පිහිටුවීය.
තලේබාන් සංවිධානය බටහිර සහ කටාර් රාජ්‍යයේ සහාය ඇතිව, සාම කාර්යාලයක් පිහිටුවූයේ මීට මාස කිහිපකට පෙරය. ඇමෙරිකාව දැන් එම කාර්යාලය හරහා තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡුා පැවැත්වීමට සූදානමින් සිටී.
ඇමෙරිකා රජයත්, ඇෆ්ගන් තලේබාන් සංවිධානයත් අතර ආරම්භ කිරීමට නියමිත එම සාම කතාවලට ඇෆ්ගන් රජයෙන් ද බාධා එල්ල විය. ඒ, ඇෆ්ගන් රජයෙන් සහ ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිගෙන් එල්ල වූ විරෝධයක් නිසාය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තලේබාන් ත‍්‍රස්තවාදීන් සමඟ සාම සාකච්ඡා එපා
ඉශාන් Thursday, 04 July 2013 04:36 PM
සාකච්චා එපා . යුද්දය නවත්තන්න වෙන්නේ යුද්දෙන්ම තමයි (දී)