IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


තුර්කි විරෝධතාකරුවන්ට දිගටම පොලිස් ප‍්‍රහාර

තුර්කි අගමැති රිසෙප් ටයියිප් එඞ්රෙගොන්ට ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින්, ඉස්තාම්බුල් නුවර තක්සිම් චතුරස‍්‍රයටත් ගේසී උද්‍යානයටත් රැුස්ව සිටින විරෝධතාකරුවන් පලවා හැරීමට එරට කැරැුලි මර්දන පොලිස් නිලධාරීහු පෙරේදා (19) ද කටයුතු කළහ.
පොලිස් නිලධාරීන් සහ කැරැුලිකරුවන් අතර හටගත් ගැටුම්වලින් 150 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
සති 3 කට ආසන්න කාලයක් තිස්සේ තක්සිම් චතුරස‍්‍රයට රැුස්වී එහි කඳවුරු බැඳගෙන සිටින දහසකට වැඩි විරෝධතාකරුවන් එම ස්ථානයෙන් පන්නා දැමීමට රබර් උණ්ඩ, කඳුළු ගෑස්, ජල ප‍්‍රහාර සහ ගම්මිරිස් ප‍්‍රහාර එල්ල කිරීමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ.
විරෝධතා නවත්වා සාමකාමීව හැසිරෙන ලෙසටත්, තක්සිම් චතුරස‍්‍රයෙන් ඉවත් වන ලෙසටත් තුර්කි අගමැති අවස්ථා කිහිපයකදී විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටි නමුත් විරෝධතා නතර නොවිණි.
අගමැතිවරයා විරෝධතා කරුවන්ට නායකත්වය දෙන සරසවි සිසුන් සහ වෘත්තීය සමිති නායකයන් සමඟ සාකච්ඡුා පැවැත්වීමට ද උත්සහ කළ නමුත් එය ද අසාර්ථක විය.
තුර්කි අගමැතිවරයාට ධුරයෙන් ඉවත්වන්නැයි බලකරමින් විරෝධතා ඇරැුඹුණේ ඉස්තාම්බුල් නුවර උද්‍යානයක වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට රජය සූදානම් වීමත් සමඟය.
විරෝධතා පාලනය කිරීමට පොලිසිය අපොහොසත් වන්නේ නම් හමුදාව යෙදවීමට සිදුවනු ඇතැයි තුර්කි රජය පවසා ඇති අතර, එය ඇසීමෙන් විරෝධතාකරුවන් තව තවත් ප‍්‍රකෝපකාරී වූ බව ද පැවැසෙයි.



අදහස් (0)

තුර්කි විරෝධතාකරුවන්ට දිගටම පොලිස් ප‍්‍රහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 120 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 70 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site