බීරූට්හීදය (රොයිටර්)
ඩැමැස්කම් අගනුවර වටා පිහිටි සියලු ප්‍රදේශවල බලය තහවුරු කර ඇතැයි සිරියානු හමුදාව අද, සඳුඳා (21) ප්‍රකාශ කළේය.
වසර හතක් මුළුල්ලේ පවතින සිරියානු සිවිල් යුද්ධයේදී මේ ආකාරයෙන් ඩැමැස්කම් අගනුවර සහ ඒ අවට සියලු ප්‍රදේශවල බලය තහවුරු කළ බව සිරියානු හමුදාව ප්‍රකාශයට පත් කළේ පළමු වරටය. ඩැමැස්කස් අගනුවර අවට ඇතැම් ප්‍රදේශ ආණ්ඩු විරෝධී කැරැලිකරුවන්ගේ පාලනයට නතු වූ අතර ඇතැම් ප්‍රදේශ අයි.එස් සටන්කාමීන්ගේ පාලනයට හසු විය.
අල් හජාර් අල් අස්වාද් දිස්ත්‍රික්කය සහ ඩැමැස්කස් ආසන්නයේ ‘යාර්මූක් පලස්තීන සරණාගත’ කඳවුර පිහිටි දිස්ත්‍රික්කය අයි.එස් පාලනයෙන් මුදා ගෙන බලය තහවුරු කිරීම සඳහා ආණ්ඩු හිතවාදී හමුදා සති කිහිපයක් මුළුල්ලේ සටන් වැදුණාහ.
අල් හජාර් අල් අස්වාද් සහ යාර්මූක් සටන්කාමීන්ගේ මුදාගත් බව රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් සිරියානු හමුදාවේ නිලධාරියෙක් පැවැසීය.
055
2025 දෙසැම්බර් මස 16
72
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
872
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඩැමැස්කම් අගනුවර බලය සිරියා හමුදා අතට