ඉන්දියාවේ තමිල්නාඩුවේ පැවැත්වෙන ජල්ලිකට්ටු (ගොනුන් හීලෑ කිරීම) උත්සවයේදී සත්ත්වයින්ට පීඩාවක් සිදුවන බවට සත්ව සුබ සාධන සංවිධාන පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර ජනවාරි මාසයේ හින්දු උත්සවයන්ට අදාළ ජල්ලිකට්ටු හා කරත්ත තරග පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ජනවාරි 7 වැනිදා ලබාදුන් ශ්‍රේෂඨාධිකරණ තීන්දුව ඉදිරියටත් වලංගු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරනු ලැබ ඇතැයි ‘ද හින්දු‘ වෙබ් අඩවිය කියයි.
තයිපොංගල් උළෙල යෙදෙන ජනවාරි 15 වැනිදා තෙක් එම නියෝගය ක්‍රියාත්මක වන බවත් මිනිසුන්ගේ උත්සව සඳහා සතුන් යොදාගැනීමත් එම සතුන් දරුණු වධ හිංසනයන්ට පැමිණවීමත් තහනම් කැර ඇත.
ස්පාඤ්ඤයේ පැවැත්වෙන ගොන් පොර තරග ආකාරයෙන්ම පැවැත්වෙන ජල්ලිකට්ටු උත්සවය හේතුවෙන් ගවයන් මහත් පීඩාවට පත්වන බව ඉන්දියාවේ අවිහිංසාවාදී සංවිධාන කියති. ජල්ලිකට්ටු උත්සවයේදී හරකුන් මුදා හැර ජව සම්පන්න තරුණයින් විසින් එම හරකුන් මෙල්ල කිරීම සිදුකරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාමත් ගල් යුගයේ ජිවත් වෙන නිසා නේද ? (කෞ)
ජල්ලි ජකිරි ජල්ලියා!!!! (නි)
මොළේ ඇති වැඩක් කළේ කවදද මේ උදවිය? (නි)
ගොන්නුන්ට වැඳලා දේවත්වයෙන් සලකන මේ මිනිස්සු උන්ට දස වධ දෙන්නේ ඇයි කියලා හිතා ගන්න අමාරුයි. (ම)