IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගොන් වැඩේට ඉන්දියාවේ තහනමක්

ඉන්දියාවේ තමිල්නාඩුවේ පැවැත්වෙන ජල්ලිකට්ටු (ගොනුන් හීලෑ කිරීම) උත්සවයේදී සත්ත්වයින්ට පීඩාවක් සිදුවන බවට සත්ව සුබ සාධන සංවිධාන පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර ජනවාරි මාසයේ හින්දු උත්සවයන්ට අදාළ ජල්ලිකට්ටු හා කරත්ත තරග පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ජනවාරි 7 වැනිදා ලබාදුන් ශ්‍රේෂඨාධිකරණ තීන්දුව ඉදිරියටත් වලංගු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරනු ලැබ ඇතැයි ‘ද හින්දු‘ වෙබ් අඩවිය කියයි.

තයිපොංගල් උළෙල යෙදෙන ජනවාරි 15 වැනිදා තෙක් එම නියෝගය ක්‍රියාත්මක වන බවත් මිනිසුන්ගේ උත්සව සඳහා සතුන් යොදාගැනීමත් එම සතුන් දරුණු වධ හිංසනයන්ට පැමිණවීමත් තහනම් කැර ඇත.

ස්පාඤ්ඤයේ පැවැත්වෙන ගොන් පොර තරග ආකාරයෙන්ම පැවැත්වෙන ජල්ලිකට්ටු උත්සවය හේතුවෙන් ගවයන් මහත් පීඩාවට පත්වන බව ඉන්දියාවේ අවිහිංසාවාදී සංවිධාන කියති. ජල්ලිකට්ටු උත්සවයේදී හරකුන් මුදා හැර ජව සම්පන්න තරුණයින් විසින් එම හරකුන් මෙල්ල කිරීම සිදුකරනු ලබයි.

webjalli_2016112



අදහස් (0)

ගොන් වැඩේට ඉන්දියාවේ තහනමක්

පිටබැද්දර ජයා Tuesday, 12 January 2016 12:40 PM

තාමත් ගල් යුගයේ ජිවත් වෙන නිසා නේද ? (කෞ)

:       0       0

අබය Wednesday, 13 January 2016 12:14 AM

ජල්ලි ජකිරි ජල්ලියා!!!! (නි)

:       0       0

හේමන්ත Wednesday, 13 January 2016 12:53 AM

මොළේ ඇති වැඩක් කළේ කවදද මේ උදවිය? (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 12 January 2016 10:58 AM

ගොන්නුන්ට වැඳලා දේවත්වයෙන් සලකන මේ මිනිස්සු උන්ට දස වධ දෙන්නේ ඇයි කියලා හිතා ගන්න අමාරුයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 664 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site