එබෝලා වෛරසය පැතිරීයාම පාලනය කිරීමට ලයිබිරියාවේ සියළුම පාසල් වසා දැමීමට එරට රජය කටයුතුකැර ඇත. අත්‍යාවශ්‍ය නොවන සේවාවන්හි නිරත රජයේ සේවකයන් දින 20ක කාලයක් නිවාඩු යවා ඇති අතර හමුදා සෙබළු එම කාර්යයන් ආවරණය කිරිමට යොදා ඇත.
ලයිබීරියා රජය පවසන්නේ රෝහල් පිරී ඇති බවයි. රෝහල්වල ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් නිවෙස්වලට වී ප්‍රතිකාර ලබාගන්නා ආසාදිතයන් පිරිසක් ද සිටිති. අද ලයිබීරියාවේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කැර ඇත. සියළුම පොදු ස්ථානයන්හි නිරෝධායන කටයුතු සිදුකරන බව ලයිබීරියා ජනපති සර්ලීෆ් බවසයි.
සියළුම අමාත්‍යාංශවල හා ව්‍යාපාර වල අත්‍යාවශ්‍ය නොවන සේවකයන් දින 30ක් නිවාඩු යවන ලෙස ද රජයෙන් උපදෙස් ලැබී ඇත.
COMMENTS
අනේ මන්ද ඒඩ්ස් ගැන සහනදායී වචනයක් ඇහුනා විතරයි දැන් එබෝලා ඇවිත්ලු. ඊයේ පෙරේදා ලෝක ජනගහනය වැඩිවෙලා කියන කොට නිකමට වගේ හිතුන මේ එන්නේ කසකාරයද කියල දැන් ඔය එන්නේ පෙරහැර නේද ? (නදී)