පසුගියදා ඉතාලි ලම්පෙදූසා දුපත ආසන්නයෙදි ගිළී ගිය යාත්‍රාවෙන් අතුරු දන් වු පුද්ගලයින් සෙවීමේ යෙදී සිටින කිමිදුම් කරුවන්ට පෙකෙනි වැලෙන් වෙන් නොවු කුඩා බිළිදකු හා තරුණ මවකගේ සිරුරු දෙකක් හමු වු බව ඉතාලි මාධ්‍ය වර්තා කරයි.
අනවසරික සංක්‍රමිකයින් සමග ගැබිනියක් වශයෙන් ඈය යාත්‍රාවේ පෑමිනෙන්නට ඈති බවත් යාත්‍රාව ගිනිගෙන දැවි යන්නට ආසන්න මොහොතේ තැති ගැන්මත් සමග ඇයට දරුවා බිහි වන්නට ඈතිබවත් එඅ සමගම බිලිදාත් මවත් මුහුදෙ ගිලි යන්නට ඇති බවද සහන සේවකයෝ පවසති. පෙකෙනි වැලෙන් වෙන් නොකළ මවත් බිලිදාත් එකම පෙට්ටියක බහා මිහිදන් කිරිමට සහන සේවකයෝ කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මායාවන්ට අසුවී කොපමණ දේවල් අප නැති කර ගන්නවාද ? (ස)
මෙම පුවත හොඳින් කියවන්න. මෙම බෝට්ටු ගමන දුෂ්කරය. මරණයක් වීමේ හැකියාව බොහෝය. මෙම ප්‍රදේශය ආශ්‍රිතව මුහුඳු පතුලේ තිබී වරින් වර ලංකාවේ 'ප්ලාස්ටික්' හැඳුනුම්පත් බොහෝ සොයාගෙන ඇත. අයිතිකරුවන් අද වෙනතුරුත් නැත. (නි)
"තණ්හා ආශා ඔලොගු කරේ ලා... එළිය දකින්නද මේ යන්නේ ..සැපත සොයන්නද මේ යන්නේ...? (නි)
පපු කුහරය ඇතුලෙන් එන දේ ලක් ලොක්කන්න්ට නොතේරෙන්නේ මන්ද යත් මටද නොතේරෙයි .එදා ලංකාවේ වැසියන් මේ වගේ බෝට්ටු වලින් රට හැර පැනල ගියේ නැහැ.එහෙනම් ඇයි මෙහෙම වෙන්නේ. රටේ ජීවත් වෙන්න බැරි තරමට අමාරු නිසා නොවේද ....එදා ඉන්දියාවේ ඉඳල අපේ රටට ආවේ කල්ලතෝනි කියල අපි කිව්වා. අද තත්වය ඉතා ගැඹුරින් තේරුම් නොගත්තොත් හැමෝම අසරණ වෙනවා. (ස)
මිනිසුන් හරියට පළගැටියන් වාගේ නේද? (නි)
මේවා දකිද්දි පිස්සු හැදෙනවා. (ස)
අම්මෝ! අහනකොටත් දුක හිතෙනවා (නි)
කනඩා දිසා ..!! ඔබේ අදහස අප රටේ වගකිව යුත්තන් දකීවා..!! එදා අපි අනුන්ට ඇගිල්ල දිගු කරේ කල්ලතෝනි කියලා ., මෙදා අපිත් කල්ලතෝනි වෙලා නේද ...? ඇත්තටම මේ සිදුවීම ගොඩක් කනගාටුවට කරුණක්...!! (ස)