චැනල් සේවා, වාහන මිල, රක්ෂණ ගාස්තු අඩු වෙයි
(දයාසීලි ලියනගේ)
වැට් බද්ද හා විදුලි සංදේශ බද්ද අඩු කිරීමෙන් හා උපයන විට ගෙවීමේ බද්ද අය කරන සීමාව ඉහළ දැමීමත් නිසා ජනතාවගේ ආදායම් තත්ත්වයේ යම් ඉහළ යාමක් ඇති වන බවත් සේවා සහන සැලසෙන බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව දුරකථන ගාස්තුවල හා අත්‍යවශ්‍ය නොවන සියලු භාණ්ඩවල මිල යම් පමණකින් අඩුවන බවද මාසික වැටුපෙන් උපයන විට ගෙවීමේ බදු කපා හැරීම අහෝසි වන බවද මුදල් අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (සන්නිවේදන) එම්. අලිහසන් මහතා කියයි.
වැට් බදු සියයට 15 සිට සියයට 8 දක්වා අඩු කිරීම මගින් රෝහල් ගාස්තු, චැනලින් සේවා ගාස්තු, වාහන මිල, රක්ෂණ ගාස්තු, හෝටල් ගාස්තු, රූපාලංකාර ද්‍රව්‍ය හා උපකරණ, විදුලි භාණ්ඩ ඇතුළු සියළු ආනයන ද්‍රව්‍ය මිල අඩු වීමට නියමිතය.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වශයෙන් සැලකෙන හාල්, පරිප්පු, පිටි, හාල්මැස්සන්, කරවල, ටින්මාළු සඳහා මිල අඩුවීමක් මේ යටතේ සිදු නොවේ. විදුලි සංදේශ බද්ද අඩු කිරීම මගින් මෙතෙක් ජංගම දුරකථන කාඩ් පත් සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය ද අඩු වී ඇත. අඩු කෙරෙන මුදල් ප්‍රමාණය තවම ගණනය කර නැත. මෙම බදු සහනවලට අදාළ ගැසට් පත්‍රය ළඟදීම නිකුත් කෙරෙනු ඇත.
2025 දෙසැම්බර් මස 04
533
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
482
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අඩුකළ බද්දෙන් දුරකථන ගාස්තු අඩු වෙයි