ලෝකෙන් ටිකක්

පෘථිවියේ ගැඹුරුම ස්ථානය කුමක්දැයි ඇසුවොත්, ඊට පිළිතුර මරියානා අගාධයයි. මරියානා අගාධය පිහිටා ඇත්තේ, බටහිර පැසිෆික් සාගරයේ ය. ඒ, මරියානා ¥පත් සමූහයේ සිට කිලෝ මීටර් 200 ක් පමණ දුරිනි. ‘චැලෙන්ජර්’ නමැති කුමුදුව (කුඩා සබ්මැරීනය* මරියානා අගාධය පතුළට ගියේ 2010 වසරේදී ය. පීඩනය හේතුවෙන් මේ කුමුදුවට යා හැකි ගැඹුර සාගර මට්ටමේ සිට අඩි 36,201 කි. කෙසේ නමුත් මරියානා අගාධය ඊට වඩා ගැඹුරින් යුක්ත යැයි පැවැසෙයි.
මරියානා අගාධය ලොව ගැඹුරුතම ස්ථානයයි. සාගරයේ ගැඹුරුතම ස්ථානයයි. එහෙත්, ගොඩබිම ගැඹුරුතම ස්ථානය කුමක්ද? පසුගියදා එය අනාවරණය විය. ගොඩබිම ලොව ගැඹුරුම ස්ථානය, ඇන්ටාක්ටිකාවේ ග්ලැසියරයක් යට සැඟවී ඇත. නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ඇති මෙම ග්ලැසියරය ‘ඩෙන්මන්’ නමින් නම් කර තිබේ.
මේ ස්ථානය භූ විද්‍යාඥයන් විසින් හඳුන්වා දෙන්නේ කැනියමක් ලෙසය. කැනියමක් යනු උස් බෑවුම් සහිත පටු, ගැඹුරු නිම්නයකි. එසේත් නැතිනම් ගැඹුරු දොරුවකි. ‘ඩෙන්මන්’ ග්ලැසියරය යටින් පිහිටි කැනියම අඩි 11,616 ක් ගැඹුරුය. සැතපුම්වලින් නම් 2.2 කි. භූ විද්‍යාඥයන්ට මෙම කැනියම හමුවූයේ ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු අතරේ කඳු සහ නිම්න ආදිය සිතියම් කරද්දීය. ඒ සඳහා පෘථිවි කක්ෂයේ රැුඳවූ චන්ද්‍රිකා ද යොදා ගැණින.
ඇන්ටාක්ටිකාව නමැති අයිස්වලින් මිදුණු මහද්වීපය නිර්මාණය වූ ආකාරය සහ එහි අනාගතය සම්බන්ධයෙන් කරුණු කාරණා රැසක් නිර්ණය කර ගැනීමට මෙම සිතියම්ගත කිරීම වැදගත් බව භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
‘මේක සුවිශේෂී මෙන්ම වැදගත් සොයා ගැනීමක්. ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුවලට යටින් ඇත්තේ කුමක්දැයි අපට දැනගන්න ලැබුණා.’ යැයි වසර 6 ක් තිස්සේ අයිස් තට්ටු සිතියම් ගත කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටින මැතිවු මොර්ලිගම් පවසා ඇත. මැතිවු මොර්ලිගම්, ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙකි.

ලූසිත ජයමාන්න
‘ද සන් ඇසුරිනි’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd