IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


2018 ආරම්භ ග්‍රහ සිත්තම

මෙම වසර ගෙවීමට දින කීපයක් පමණක් ඉතිරිව ඇත. 2018 වසර ලබයි. ලබන නව වසර පටන් ගන්නේ 2018 ජනවාරි 01 වන සඳු දින උදේ 6.22ට ඉර උද‌ාව සමගය. සිංහල අලුත් අවුරුද්ද අප්‍රේල් මාසයේ වුවත් නව වසරේ සියලු කටයුතු ජනවාරි 01 ද‌ා සිට ක්‍රියාත්මකය. 


 
2018 ජනවාරි 01 සඳුද‌ා උදේ 6.22 ට යෙදෙන ග්‍රහචාරය  


මෙහිදී පුර සඳ බලවත්ව සිටියත් සඳුගෙන් අට වැන්නේ ලග්න ගතව සෙනසුරු සිටීමෙන් ලග්න හා චන්ද්‍ර අෂ්ටම ඒරාශ්ටක අපල 2 ක් හා අර්ධ කාලසර්ප යෝගයක්ද යෙදේ. ධනු ලග්නාධිපති ගුරු එකොළොස් වැන්නේ කුජ සමගින් සිටී සමස්තයක් වශයෙන් ගත් කල වසර උද‌ාවේ. ග්‍රහ සිත්තම ශුභ ද‌ායක නොවේ.  


රවි ග්‍රහයා සෙනසුරු සමඟ සිටින්නේ අංශක 10ට වඩා අඩු ප්‍රමාණයෙන් බැවින් රවි ග්‍රහයා සෙනසුරුට නතුවී සිටී. රජය බලවත් අපහසුතාවන්ට පත්වන අතර කම්කරු අරගල හා වර්ජන වැඩිවේ. රජයේ ආද‌ායම් වැඩිකර ගැනීමට යොදන බදු ප්‍රතිපත්ති මහජන අප්‍රසාදයට පත්වේ. ජාතික සමගියට බාධා ඇතිවන කාරණා මෙන්ම ආරක්ෂාවට තර්ජනයක් වන කාරණාද ඇතිවිය හැක.  


කාලගුණ වෙනස්වීම් නිසා පරිසර උෂ්ණත්වය ඉහළ යමින් වැසි රහිත කාල වකවානු ඇතිවිය හැක. ස්වභාවික විපත් නිසා සිදුවන මරණ සංඛ්‍යාව වැඩි වේ. එසේම වාහන අනතුරු බහුල විය හැක.   
පුර සඳු විසින් සිකුරු සප්තමව දැකීම ස්ත්‍රී පක්ෂයට ශුභද‌ායී කාලයකි. විවාහ බහුල වන අතර ඉතා අඩු වයසින් වන විවාහද බහුල වේ. ස්ත්‍රීන්ට ප්‍රයෝජනවත් වැඩද‌ායී තීන්දු තීරණ ඇතිවනු ඇත. කෙසේ වෙතත් විෂම ග්‍රහචාරය නිසා අත්‍යාවශ්‍ය ආහාර හා වෙනත් දේවල අඩුපාඩු ඇතිවී මිල අධික වනු ඇති අතර ජීවන බර ජනතාවට දැරිය නොහැකි තරම් වැඩිවනු ඇත.  


රජය ගන්නා ඇතැම් තීරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකිවනු ඇත. එසේම රජයට සම්බන්ධ අයට බරපතළ චෝදනා එල්ලවනු ඇත. අර්ධකාල සර්පයෝගයෙන් උද‌ාවන වසර තුළ ජනතාව තුළ බිය උපදවන සිතා ගැනීමට නොහැකි දේවල්ද සිදුවනු ඇත. ලංකාවට යම් තරමකින් දැනිය හැකි භූකම්පනයක් විය හැක.  

 

 

 

 

 

 

 

 

 

 


ජ්‍යෝතිෂ්‍යවේදී ඒ.ඩබ්. සරත් ආනන්ද  
පැලෑන උතුර වැලිගම



අදහස් (0)

2018 ආරම්භ ග්‍රහ සිත්තම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site