IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බොලිවුඩ් සුරූපිනී සනී ලියොන්ට ගෞරව සම්මාන 3 ක්

 

කරෙන්ජිත් කෝර් වොහ්රා යන නමින් කවුරුත් ඇය හඳුනන්නේ නැත. කවුරුත් ඇය හඳුනන්නේ සනී ලියොන් ලෙසිනි. නිල් චිත්‍රපට නිළියක වූ කරන්ජිත් කෝර් වොහ්රා ජනප්‍රිය වූයේ ‘සනී ලියොන්’ යන නමිනි. ඇය අද බොලිවුඩය ජයගත්, බොලිවුඩ් රසික රසිකාවියන්ගේ ආදරය දිනූ, විචාරකයන්ගේ පවා පැසැසුමට ලක්වුණු සුරූපිනියකි. 38 හැවිරිදි සනී ලියොන්, විවාහ වී සිටින්නේ, නිල් චිත්‍රපට රූගත කරද්දී හමුවුණු ඩැනියෙල් වෙබර් සමඟ ය. සනී ලියොන් උපන්නේ කැනඩාවේ ය. ඉන්දීය සම්භවයක් ඇති ඇයට කැනඩාවේ මෙන් ම ඇමෙරිකාවේ ද පුරවැසිභාවය හිමිය. සනී ලියොන් සහ ඩැනියෙල් වෙබර්ට දරුවෝ තිදෙනෙකි. නීෂා කෝර් වෙබර් දරුකමට හදා ගන්නා දියණියයි. ඇෂර් සිං වෙබර් සහ නොවා සිං වෙබර් නිවුන්නු ය.   


සනී ලියොන් අද බොලිවුඩයේ සිටින වැඩි ම මුදලක් උපයන නිළියන්ගෙන් කෙනෙකි. කැනඩාවේ ඉන්දීය පවුලක දැරියක ලෙස අභියෝග රැසකට මුහුණ දෙමින්, අවසානයේ සාර්ථකත්වයට පත් වෙමින්, ඉන්දියාවේ සුපිරි නිළියක් වුණු සනී ලියොන්ගේ ජීවිත කතාව ඇසුරින් තැනූ, ‘කරෙන්ජිත් කෝර්: සනී ලියොන්ගේ නොදත් කතාව’ යන නමින් වෙබ් කතා මාලාවක් ද ඇත. සනී ලියොන් රංගනයෙන් එක් වුණු චිත්‍රපට රැසකි. ප්‍රධාන නිළියක ලෙසත්, චිත්‍රපටවල ගීත හැඬ ගැන්වීමටත් සනී ලියොන් සිය රංගන දායකත්වය ලබා දී ඇත. සරාගී නිළියක ලෙස බොලිවුඩයට එක්වුණු සනී ලියොන් අද චිත්‍රපට නිෂ්පාදනයට යොමු වී සිටින්නීය. ඒ, ඇගේ සැමියා ඩැනියෙල් ද හවුල් කර ගනිමිනි.   


බොලිවුඩයේ සාර්ථකත්වයත් සමඟ සනී ලියොන්, ‘ස්ටාර්ස්ට්‍රක්’ නමින් සුවඳ විලවුන් නිෂ්පාදන සමාගමක් ආරම්භ කර ඇත. මෙම සුවඳ විලවුන් එක රැයින් බටහිර රටවලත් ආසියානු රටවලත් ජනප්‍රිය විය. පසුගිය දා තායිලන්තයේ පැවැත්වුණු 13 වැනි ආසියානු ව්‍යාපාරික සමුළුවට සනී ලියොන්ට ඇරැයුමක් ලැබුණි. එය ඊට සහභාගී වූයේ සැමියා සහ දරු තිදෙනා ද සමඟය. එහිදී ඇය, සම්මාන තුනකින් පිදුම් ලැබුවාය. සනී ලියොන්ට එක් සම්මානයක් හිමිවූයේ, ‘ස්ටාර්ස්ට්‍රක්’ සුවඳ විලවුන් නිෂ්පාදන වෙනුවෙනි. අනෙක් සම්මාන දෙක හිමිවූයේ අවුරුදු 40 ට අඩු හොඳම ව්‍යාපාරික කාන්තාව ලෙස සහ ආසියානු කලාපයේ කාන්තා සවි බලගැන්වීම වෙනුවෙන් ද ඇය කරන මෙහෙවර ඇගයීමට ලක් කරමින්ය.   


‘මගේ සුවඳ විලවුන් නිෂ්පාදන හරහා පිළිබිඹු වෙන්නේ මාවයි. මට හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් ධෛර්යවන්තයි. ව්‍යාපාරික කාන්තාවක ලෙස මට ඉදිරියට යන්න හැකිවුණේත්, ශක්තිය ලැබුණේත් ඔවුන් නිසයි. මේ සම්මානයත් සමඟ ‘ස්ටාර්ස්ට්‍රක්’ සුවඳ විලවුන් සඳහා ගෝලීය අවධානය යොමු වේවි යැයි මා විශ්වාස කරනවා’ යැයි සනී ලියොන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවැසුවාය.   

 

 


මිලියන ගණනකගේ හදවතට ළං වීමට සනී ලියොන්ට හැකි වී ඇත්තේ ඇගේ අවංකකම සහ නිහතමානීත්වය නිසයි. මාධ්‍යවේදීන් සහ පැපරාසී ඡායාරූප ශිල්පීන් ද සනී ලියොන් නිහතමානී තැනැත්තියක බව පවසා ඇත. ඒ, ඇය කිසි අවස්ථාවක ඡායාරූප ශිල්පියකු මඟහැරීමට උත්සාහ ගෙන නැති නිසාය. නිල් චිත්‍රපට නිළියක ලෙස සනී ලියොන්, බොලිවුඩයට පිවිසෙද්දී, ඇයට චෝදනා කිරීමට ඇය විවේචනය කිරීමට ඉදිරිපත් වූ පිරිස බොහොමයකි. හින්දු ජාතිකවාදී සිව් සේනා වැනි දේශපාලන කණ්ඩායම් වීදි බැස සනී ලියොන්ට විරෝධය දක්වන්න වූයේ ඇගේ ඡායාරූප ගිනි තබමිනි. එහෙත්, අද තත්ත්වය වෙනස්ය. දහස් ගණනින් රසික රසිකාවියන්ගෙන් සනී ලියොන්ට දිනපතා සුබ පැතුම් ලැබෙයි. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේය. ‘කාගෙන් ද ඔබට සුබ පතුමක් ලැබිලා නැත්තේ? ඔබ සුබ පැතුමක් අපේක්ෂාවෙන් සිටින්නේ කාගෙන්ද?’ යැයි පසුගිය දා ඉන්දීය මාධ්‍යවේදියකු සනී ලියොන්ගෙන් විමසුවේය.   


‘මම කැමතියි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් පණිවුඩයක් ලැබෙනවා නම්. ‘හායි’ කියනවා නම්. මා එතුමාට ලොකු ගෞරවයක් දක්වනවා. එතුමාගේ ජාතික වැඩපිළිවෙළ ගැන මට ලොකු පැහැදීමක් තිබෙනවා.’ යැයි සනී ලියොන් පැවැසුවාය. සනී ලියොන් මාධ්‍යවේදියාට මෙසේ පිළිතුරු දුන්නේ, ඇගේ මීළඟ චිත්‍රපටය වන ‘කොකාකෝලා’ රූගත කරන අතරතුරේ ලැබුණු විවේකයේදීය.   

 


ලුසිත ජයමාන්න   
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි  

 



අදහස් (0)

බොලිවුඩ් සුරූපිනී සනී ලියොන්ට ගෞරව සම්මාන 3 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 406 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 568 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 233 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site