IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පපුවෙන් කිව හැකි ජීවන තොරතුරු

දේහ ලක්ෂණ ශාස්ත්‍රයෙහි සඳහන් වන අයුරින් පුරුෂයකුගේ පපුව පළල්ව හොඳින් වැඩුණු මාංශයෙන්ද යුක්ත වීම සුබයි. එවැනි පපුවකට හිමිකම් කියනු ලබන පුරුෂයා බොහෝ වාසනාවන්තයි. වෙසෙසින් අනන්‍යයන් පාලනයෙහි දක්ෂ කෙනෙකු වේ. ජනප්‍රිය ප්‍රසිද්ධ කෙනකු වේ. නිර්භයකම කැපී පෙනේ. දූරදර්ශීව ක්‍රියා කරයි. හොඳ ආර්ථික ශක්තියක් ද තිබේ. තම අභිලාෂයන් වෙත යන ගමනේදී වන බාධක හා අවහිරතා කිසිවිටක ගණන් නොගනී.   


රජයේ ඉහළ තනතුරුවල වැජඹෙන්නට භාග්‍ය හිමිය. රජයෙන් නොයෙක් ආකාරයේ වරප්‍රසාදද උරුම වේ. නි​ෙරා්ගී සෞඛ්‍ය තත්ත්වයක් හිමි කෙනෙකුවේ. මහත් වූ පපුවක් හිමි පුරුෂයා විශේෂයෙන් ආර්ථිකය අතින් ශක්තිමත් වේ. ගේ දොර යාන වාහන ආදී භෞතික සම්පත් ලැබීමේ වාසනාව හිමිය. අලස උදාසීන තත්ත්වයන් නොයෙදේ. අනුන් මැද කැපී පෙනෙන්නට වාසනා ගුණ සහිතය. එඩිතර අදහස් හා ඉදිරියට යන ගතිය වේ. තරමක් උදාර අයුරින් ජීවත් වීමට බලයි. නිරෝගී සිරුරක් හා දීර්ඝායු ලබන කෙනෙකි.   
යම් පුරුෂයකුගේ පපුවේ රෝම පිහිටීම තවත් සුබ දේහ ලක්ෂණයකි. දුක් කරදර විඳදරා ගැනීමේ ශක්තිය තිබේ. අනන්‍යයන්ගේ දුකේදී පිහිටවන පරාර්ථකාමී අය වේ. ස්වෝත්සාහයෙන් විශාල කිර්තියක්, ගෞරවයක් ඇති කරගනී. ප්‍රතිපත්ති ගරුකය, සාධාරණය, කෙටියෙන් කිවතොත් උතුම් මනුෂ්‍ය ගුණධර්ම නිබඳව පවතී. ස්ත්‍රී පාර්ශ්වයේ ආදරයට පාත්‍ර වන ලකුණකි.   


පපුවේ අැට පෑදී තිබීම හෝ නහර ඉලිප්පී තිබීම අයහපත් ගති ලකුණුය. ඉතා උත්සාහයෙන් වැඩ කටයුතු සඵල කරගත යුතුය. දිළිඳු වේ. අනුන් සතු වස්තුවට ලෝභකම් කරයි. ඥාතීන් අසල්වාසීන් සමග වැඩි ඇයි හොඳයියක් පවත්වන්නේ නැත. අගහිඟතාවයෙන් පීඩා විඳී. හිටි හැටියේ කෝප වේ. තැතිගන්නා සුලුය. අසනීපවලටද නැඹුරුය. අපේක්ෂා භංග කෙරේ.   


පිරිපුන් මොලොක් පපුව උස්ව හා පළල්ව ඇත්නම් එය ස්ත්‍රියක සතු සුබ දේහ ලක්ෂණයක් හැටියට සැලකේ. එවැනි පපුවක් හිමි ස්ත්‍රිය බොහෝ වාසනාවන්තයි. විවිධ ආකාර සමාර්ථකම් හා අත්දැකීම් ඇය තුළ පිහිටයි. හැම වැඩක්ම පිළිවෙළට ක්‍රමානුකූලව කරයි. තම මතය ගරු කොට සලකන මැය ඉහළ තත්ත්වයේ තනතුරු ලබාගැනීමට සමත්ය. එමෙන්ම භෞතික සම්පත් ලැබීමේ වාසනාව ඉහළින්ම පවතී. නම්බුකාර අන්දමින් දිවි ගෙවන ධර්මිෂ්ඨ නොමසුරු කෙනෙකි. පපුව මැද රෝම ඇත්නම් (උඩුකුරු) සැමියට අශුභයි. රෝම නොමැතිනම් යුගදිවිය වාසනාවන්ත අන්දමින් ගෙවිය හැකිය. සිය ස්වාමියාට ඉතා සෙනෙහෙවන්තය.   


ස්ත්‍රියකගේ පපුව සාමාන්‍ය වශයෙන් අඩි එකහමාරක් පමණ වීම සුබදායකය. නමුත් ප්‍රමාණය ඉක්මවා පළල් වූ ස්ත්‍රී පපුව අයහපත්ය. ඇය සාමකාමී ඇත්තියක නොවේ. චරිත කැළැල් ඇතිකර ගනී. ඇතුළට නැඹුරු පපුවද කෙට්ටු පපුවද ස්ත්‍රියකට අශුභ ප්‍රතිඵල ඇතිකරයි. වෙසෙසින්ම විවාහයට අනර්ථකාරියි. පපුවේ ඉන්නන් පිහිටීමද ස්ත්‍රියන්ට ශුභ නැත. නමුත් පුරුෂයකුගේ පපුවේ ඉන්නන් පිහිටීම සුබ ගති ලකුණකි. ඔහුට ගුණගරුක ලස්සන බිරිඳක් හිමි වේ.   

 

 


නයෝමි පබසරා මැණිකේ   
මාවනැල්ල



අදහස් (0)

පපුවෙන් කිව හැකි ජීවන තොරතුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 252 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site