(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල සීලතැන්න රජයේ වන වගා බිමක අද (11) සවස ඇතිවූ ගින්නකින් අක්කර 50ක පමණ ප්‍රදේශයක් විනාශ වූ බව හල්දුම්මුල්ල පොලීසිය කියයි.
මෙම ගින්නට මැදි වූ සීලතැන්න ගම්මානයේ නිවෙස් කිහිපයක් හල්දුම්මුල්ල පොලිසිය මැදිහත්ව වන වන රක්ෂණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්නෙන් බේරාගෙන තිබේ.
කුරුඳු, ගම්මිරිසි ඇතුළු ගෙවතු වගාබිම්ද, ජල ටැංකි කිහිපයක්ද ගින්නෙන් විනාශ වී එහි ජල ව්‍යාපෘතියටද දැඩි අලාභහානි සිදුව ඇති බව පොලිසිය පවසයි.
දියතලාව යුදහමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක්ද මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා එක්විය.
කපන ලද පයිනස් වගාබිමකට කිසිවකු විසින් තැබූ ගින්නක් මෙසේ පැතිර යන්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd