IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හම්බන්තොට ධීවර වරායේ එළවළු වගාවක්

( සනත් ගමගේ )

හම්බන්තොට ධීවර වරායේ වරාය නිලධාරීන් එළවළු වගාවක් සිදු කිරීම හේතුවෙන් ධිවර කාර්මිකයින්ට සිය රැකියාව කිරීමට බාධා ඇති වී තිබෙන බව හම්බන්තොට ධීවර වරායේ ධීවර කාර්මිකයෝ පවසති.

ධිවරයින්ගේ දැල් ආම්පන්න හා යාත්‍රා නතර කිරීමට ඇති ප්‍රදේශයක කම්බි වැටක් ගසා කොටු කර ධිවරයින්ට එම ප්‍රදේශයට ඇතුළු විමට පවා ඉඩ නොදී එළවළු වගාවක් ආරම්භ කිරීම හේතුවෙන් ධිවරයින්ට සිය වෘත්තීය කටයුතු සිදු කිරීමට බධා ඇති වී තිබෙන බව ධීවර කාර්මිකයෝ පෙන්වා දෙති.

අයිස් කම්හලක් ඉඳිකිරීම සඳහා මුල්ගලක් තබා ඇති ස්ථානයේ ද මෙම වගා ආරම්භ කර ඇති අතර අතර අයිස් කම්හල තවමත් ඉඳි කිරීමට පියවර ගෙන නොමැති බව ඔවුහු කියති.

ධීවර කාර්මිකයින් සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් සකස් කරන ලෙසට ඉල්ලීම් සිදු කළද මෙතෙක් ඒවා ඉටු කිරිමට නොහැකි වි ඇති බවද ධීවර කාර්මිකයෝ කියති.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් සහකාර ධිවර අධ්‍යක්ෂක එල්.ජී.ටී චන්දන මහතාගෙන් කළ විමසිමකදී පැවසුවේ මේ සම්බන්ධයෙන් හම්බන්තොට ධීවර කාර්මිකයින් ධීවර රාජ්‍ය ඇමැතිතුමාටද පැමිණිලි කර තිබෙන බවයි.

මෙම වගාව නතර කර ධිවරයින්ට අවශ්‍ය ඉඩ පහසුකම් සලසා දෙන ලෙසට හම්බන්තොට ධීවර වරයේ කළමනාකරුට දන්වා ඇති බවද ඒ මහතා පැවසීය.



අදහස් (2)

හම්බන්තොට ධීවර වරායේ එළවළු වගාවක්

sahan Monday, 07 August 2017 02:58 AM

හරි දැන් අයිස් පැක්ටරිය හැදුවම ඔය ඉඩ කොහොමත් නැති වෙනවනේ , මේ ධීවරයෝ දැන් ඔය වගේ පොඩි දේවල් වලටත් පැමිණිලි කලාට රජතුමාගේ කාලේදී ගෙදර ගැනිව අරගෙන ගියත් කට හෙල්ලුවේ නැහැ

:       42       12

taitus Tuesday, 08 August 2017 08:31 AM

හරි වැඩක් වැරදි තැනක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site