IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වැස්සෙන් මාතර නිවාස 86 කට හානි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

තෙදිනක් තිස්සේ නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් අද (23) වන විට මාතර දිස්ත්‍රික්කයේ නිවාස තුනක් සම්පූර්ණයෙන් විනාශ වී නිවාස 86 අර්ධ හානි සිදු වී ඇතැයි මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා සම්බන්ධීකරණ නිලධාරී අනුජන්ත විදානගේ මහතා පැවසීය.

වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අර්ධ හානි නිවාස 16ක් ද හක්මන 14ක් ද මාතර 11ක් ද ආදී වශයෙන් නිවාස හානි වාර්තා වී තිබිණි.

පවතින අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ග්‍රාමසේවා නිලධාරීන් මාර්ගයෙන් තොරතුරු ලබා ගැනීමට පවා බාධා එල්ල වී තිබෙන බවත් එම හානිවීම් අද (24) වන විට විශාල වශයෙන් වැඩිවිය හැකි බවත් ඔහු කීය.

අධික වර්ෂාව හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ විශාල පවුල් සංඛ්‍යාවක් පීඩාවට ලක්ව සිටින බව කී විදානගේ මහතා එම සංඛ්‍යාවන් මේ දක්වා ගණනය කර නොමැති බවද වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර නිල්වලා ගග පිටාර ගැලීම නිසාඅකුරැස්ස,පානදුගම,අතුරලිය,කද්දුව,මාරගොඩ,පරදුව,වැලිපිටිය,පලල්ල,මාතර,කඩවීදිය,තිහගොඩ,ඉහළ විටියල,නාදුගල,වැල්ලේතොට,කඹුරුපිටිය,මාකදුර ආදී ප්‍රදේශරැසක් යටවී ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.

මේ නිසා බොහෝ පාසල්වල දරු දැරියන්ගේ පැමිණීම ද විශාල ලෙස පහත වැටී තිබිණි.

අකුරැස්ස සියඹලාගොඩ, කඹුරුපිටිය හා අකුරැස්ස මාරගොඩ යන ප්‍රධාන මාර්ග ඇතුළුව දිස්ත්‍රික්කයේ මංමාවත් විශාල ප්‍රමාණයක්ද ජලයෙන් යට වී ගමනාගමන කටයුතු ඇණ හිට ඇත.



අදහස් (0)

වැස්සෙන් මාතර නිවාස 86 කට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 530 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site