අනීෂා මානගේ
වීරකැටිය නගරයේ හා ඒ අවට ප්‍රදේශයේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ හා බස් රථ 64කට අද මෝටර් රථ නිලධාරීහු තහනම් නියෝග නිකුත් කළහ.
හම්බන්තොට මෝටර් රථ පරික්ෂකවරුන් හා වීරකැටිය පොලිස් ස්ථානයේ නිළධාරීන් එක්ව වීරකැටිය පොලිස් ස්ථානයේදී සිදු කළ රථවාහන පරික්ෂාවකින් පසු මෙම තහනම් නියෝග කිනුත් කරනු ලැබ තිබේ.
පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ හා වැගන් රථ හැත්තෑවක් මෙහිදී පරික්ෂාවට ලක් කළ අතර ඉන් රථවාහන හැට හතරක් සදහා තහනම් නියෝග නිකුත් කරන ලදී.
තහනම් නියෝග නිකුත් කරන ලද රථවාහන යලි අලුත්වැඩියා කර දින 28ක් ඇතුලත හම්බන්තොට මෝටර් රථ පරික්ෂණ මහතුන් වෙත පෙන්වන ලෙද එහිදී හිමිකරුවන්ට උපදෙස් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd