(ජේ.කේ.එල් චාමින්ද)
විදුලි කප්පාදුවට විරෝධය පලකරමින් අක්මීමන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අද (9) පැවති ප්‍රාදේශීය සභා රැස්වීමට ඉටිපන්දම් දල්වාගෙන පැමිණියහ.
අද අක්මීමන ප්‍රාදේශීය සභා රැස්වීම ආරම්භ කරන අවස්ථාවේ විදුලිය ඇනහිට තිබිණි.
පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ඉටිපන්දම් දල්වාගෙන සභා ගර්භයට පැමිණ විදුලි කප්පාදුවට එරෙහිව සිය විරෝධය පළකරණු ලැබීය.
සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ මේස මත ඉටිපන්දම් දැල්වෙමින් තිබිණි.
ප්‍රාදේශීය සභාවේ විදුලි ජනක යන්ත්‍රය මගින් විදුලිය ලබාගෙන ප්‍රාදේශීය සභා රැස්වීමේ කටයුතු කරගෙන යනු ලැබීය.
මද වේලාවකට පසු විදුලි බලය ලැබුණු අතර අක්මිමන ප්‍රාදේශීය සභා රැස්වීම සභාපති සේන කළහෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අක්මීමන ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd