IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වතුර බැස නොයාමෙන් පුත්තලමේ පුද්ගලයින් 2183 ක් පීඩාවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පවතින වර්ෂාව හේතුවෙන් වැසි ජලය බැස නොයාමේන් හා වැව් කිපයක් වාන් දැමීම නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 623 ක පුද්ගලයින් 2183 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමණාකරන ඒකකය පවසයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ අටක ජනතාව පීඩාවන්ට පත්වී ඇති අතර එයින් වැඩිම පිරිසක් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන අතර එහි පවුල් 208 ක පුද්ගලයින් 648 දෙනෙකු පීඩාවන්ට පත්වී ඇති බව කියයි.

ඒ සමඟම මුන්දලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් 165 ක පුද්ගලයින් 622 දෙදෙනෙකුද නාත්තන්ඩිය පවුල් 97 ක 380 දෙනෙකුද , වෙන්නප්පුව පවුල් 95 ක පුද්ගලයින් 295 ක්ද ,මහවැව පවුල් 30 ක 120 දෙදෙනෙකුද, හලාවත පවුල් 25 ක 110 දෙනෙකුද, වනාතවිල්ලුව පවුල් 2ක ක 4 දෙනෙකුද,කරුවලගස්වැව 1ක් පවුලක 4 දෙනෙකුද මෙලෙස පීඩාවන්ට පත්වී ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වෙයි.

අකුණු සැර වැදී එක් අයෙකු මියගොස් ඇති බවද පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.

 



අදහස් (0)

වතුර බැස නොයාමෙන් පුත්තලමේ පුද්ගලයින් 2183 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site