IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රිවෝල්වරයක් - ජීව උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට

(ජේ.කේ.එල්.චාමින්ද සහ ඩී.ජී. සුගතපාල)

මෙරට නිෂ්පාදිත රිවොල්වරයක්  හා ඒ සඳහා යොදනු ලබන උණ්ඩ 9ක් සමඟ පුද්ගලයකු අද (10) දහවල් අත්අඩංගුවට ගත් බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

මෙම  රිවෝලවරය  මිලිමීටර් නමයේ උණ්ඩ දැමිය හැකි එකක් බවද පොලිසිය පවසයි. 
 
අද(10) උදෑසන මාගාල්ල ධිවර වරායේදී බෝට්ටුහිමිකරුවකු හා තවත් ධීවර කාර්මිකයකු අතර  බහින්බස් විමක් ඇති වී තිබේ. එහිදි රිවෝල්වරයක් පෙන්වා තර්ජනය කළබවට පොලිසියට පැමිණිල්ලක් ලැබි තිබුණි.

එම පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත්වු වරාය පොලිසියේ නිලධාරින් විසින් සැකකරු මෙම රිවොල්වරය සමග අත්අඩංගුවට ගෙන ඇත. ඔහු වළහන්දුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද පොලිසිය පවසයි.
 
 සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතව ඇත.

(ඡායාරූප - ඩී. ජී. සුගතපාල)

 



අදහස් (0)

රිවෝල්වරයක් - ජීව උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site