(පුෂ්ප කුමාර ජයරත්න)
රිදීගම අධ්‍යාපන කොට්ඨාසයට අයත් රම්බොඩගල්ල මහා විද්‍යාලයේ ගැහැණු වැසිකිළිය තුළ තිබී බෝර දොළහේ පතුරොම් තුවක්කු වලට යොදන ජීව උණ්ඩ තුනක් සහ උණ්ඩ හිස් කොපු දෙකක් හමුවූ බව රිදීගම පොලීසිය පවසයි.
අද (06) පාසල ආරම්භ කිරීමට පෙර කරන ලද සෝදිසියකදි මෙම ජීව උණ්ඩ සහ හිස් කොපු හමුවී තිබේ.
මෙම උණ්ඩ තරමක් පැරැණි ඒවා වන අතර ආරක්ෂක අංශ නොමඟ යැවීමේ අරමුණින් හෝ දෙමාපියන් බිය වැද්දවීමේ අරමුණින් මෙම උණ්ඩ ගැහැණු වැසිකිළියට දමා යන්නට ඇතිබවට ආරක්ෂක අංශ සැක කරයි.
මෙම පාසල පිටුපස කොටසට ආරක්ෂිත වැටක් නොමැතිවීම හේතුවෙන් පෙරේදා (05) රාත්‍රියේ කිසිවකු විසින් මේවා පාසල තුළට දමා යන්නට ඇති බවට සැක කරයි.
රිදීගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd