නාලක සංජීව දහනායක
යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සෙනසුරාදා (4) වැනි දා අම්පාර කොහොඹාන ගම්මානයෙන් ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතීඥ උපාලි මොහොට්ටි මහතා කීය.
ඒ අනුව නාඩු වී කිලෝග‍්‍රෑමයක් රුපියල් 38, සම්බා වී කිලෝග‍්‍රෑමයක් රුපියල් 41 සහතික මිලක් යටතේ මිලදීගැනීමට නියමිතය.
මෙවර යල කන්නයේ දී කුඹුරු අක්කර ලක්‍ෂ හතරහාමාරකට ආසන්න ප‍්‍රමාණයක් වගා කර ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් මිලියන 1.4 අස්වැන්නක් අපේක්‍ෂා කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉන් වී මෙට්‍රික් ටොන් 1,20,000 ක ප‍්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය විසින් මිළදී ගැනීමට නියමිතය. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් රුපියල් මිලියන 4900ක මුදලක් අනුමත කර ඇත.
මෙම වී වලින් සකසන ලද සහන මිළකට සතොස ඇතුළු වෙළඳසල්වලට බෙදාහැරීමට නියමිතය.
වී මිලදී ගැනීමේදී වී ගෙන ඒම සඳහා අවශ්‍ය පොලි පැක් මලූ ගොවීන්ට නොමිලයේ ලබාදීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇත.
වී අස්වැන්න මිලදී ගැනීමේදී ඇතිවන තදබදය වළක්වා ගැනීමට වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වලින් දින වෙන්කරවා ගන්නා ලෙසද වී අලෙවි මණ්ඩලය ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යල කන්නයේ වී අස්වනු මිලට ගැනීම කොහොඹාන ගමෙන් ඇරඹෙයි