මෙතෙක් විවාහ නොවී පවුල් කෑ අඹු සැමි යුවල 100ක් යානයේ දී විවාහ කර දීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට හැකිවූ බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
යාපනය දිස්ත්‍රික්කයේ ජනතා ගැටලු ලක්ෂ දෙකකට වඩා හඳුනාගෙන ඇති බවත් පසුගිය සිකුරාදා (14) සිට සඳුදා (17) දක්වා ගත වූ දින හතරේ දී පමණක් ගැටලු 12,000ක් පමණ විසඳා අවසන් කළ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ කෝපායි ප්‍රාදේශීය නිල මෙහෙවරට ගැටලු සහිත පුද්ගලයන් 2526ක්, තෙලිප්පලෙයි ප්‍රාදේශීය නිල මෙහෙවරට පුද්ගලයන් 3285ක්, යාපනය ප්‍රාදේශීය නිල මෙහෙවරට පුද්ගලයන් 2202ක් සහ වේලනෙයි ප්‍රාදේශීය නිල මෙහෙවරට පුද්ගලයන් 1629ක් වශයෙන් පුද්ගලයන් 6742ක් පැමිණ ගැටලු 15,418ක් ඉදිරිත් කර තිබෙන බවයි. ඉන් ගැටලු 11,830ක් නිල මෙහෙවර භූමියේ දී ම විසඳා අවසන් කළ බව ද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
නිල මෙහෙවර වැඩසටහන ආරම්භ වීමට පෙපර කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැටලු 27,189ක් හඳුනාගෙන තිබිණි. තෙල්ලිපලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැටලු 13,371ක් ද, යාපනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නොවිසඳුණු ගැටලු 9,103ක් සහ වේලනයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නොවිසඳුණු ගැටලු 4,597ක් ද මෙලෛස කලින් හඳුනාගෙන තිබූ අතර එම ගැටලුවලින් සියයට 80ට වැඩි ප්‍රමාණයක් සඳහා නිල මෙහෙවර වැඩසහටන ආරම්භවීමට පෙර විසඳුම් ලබාදීමට හැකිවූ බව ද අමාත්‍යවරයා පවසයි.




2025 දෙසැම්බර් මස 18
226
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ අඹුසැමි යුවල 100ක් විවාහ කරයි