(මොහොමඩ් ආසික්)
නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමේ යෝජනාවක් හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාව අද (30) සම්මත කර ගනු ලැබීය.
හාරිස්පත්තුව මහ සභා රැස්වීමේදී එහි සභාපති ආනන්ද ජයවිලාල් මහතා ඉදිරිපත් කරනු ලැබූ මෙම යෝජනාව විරෝධතාවයක් නොමැතිව සම්මත විය.
මහ සභා රැස්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහභාගි වී සිටිය නමුත් කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයට සහභාගී වීම සඳහා යාමට නිවාඩු ලබා ගෙන තිබූ බැවින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහභාගී වූයේ නැත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd