(නිමල් ජයරත්න)
පොළොන්නරුව මාදුරුඔය ජලාශයේ ජල මට්ටම සිග‍්‍රයෙන් පහළ බැසිමත් සමග මහවැලි බී කලාපයේ මෙවර යල කන්නයේ වි ගොවිතැන සදහා ජලය නිකුත් කිරිම 50% දක්වා සිමා කිරිමට සිදුවන බව මහවැලි බී කලාපිය නේවාසික ව්‍යාපාර කළමණාකාර තුෂාර දන්තනාරායන මහතා පවසයි
පවතින අඩු ජල මට්ටම යටතේ වී වගා කෙරෙන්නේ අක්කර 25000 ක පමණක් බවද දන්තනාරායන මහතා කියයි.
මෙම තත්වය මත මහවැලි බී කලාපයේ වී වගාව සදහා නිකුත් කරන ජලයෙන් 40%ක් බෙත්ම ක‍්‍රමයට වි වගා කිරීමටත් ඉතිරි 10% අතිරේක භෝග වගා කිරිමටත් ගොවින්ට උපදෙස් ලබා දුන් බව ඒ මහතා පවසයි.
ජලය නිකුත් කිරිම අපේ‍්‍රල් 20 වැනි දා සිදු කරන බවත් අගොස්තු 20 වැනි දා ජලය ලබාදිම අවසන් කරන බවත් දන්තනාරායන මහතා කියයි.
COMMENTS