(ජුඩ් සමන්ත)
මහවැව - කුඩාවැව ප්‍රදේශයේදී (17) රාත්‍රීයේ මෝටර් රථයක් හැමිල්ටන් ඇළට පෙරළී යාමෙන් තිදෙනෙක් තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
මෝටර් රථය මාදම්පේ දෙස සිට හැමිල්ටන් ඇළට සමාන්තරව දිවෙන මාර්ගය ඔස්සේ නාත්තන්ඩිය දෙසට ගමන් කරමින් සිටින විට මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක් බවට හඳුනා ගෙන ඇත.
අධික වේගයෙන් ගමන් කර ඇති මෝටර් රථය වංගු සහිත ස්ථානයකදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 25 කට වැඩි ගැඹුරට පෙරළී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd