IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බීමත් පියාගේ උදලු මිට පහරින් දරුවා රෝහලේ

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි) 


බීමත්  පුද්ගලයකු සිය  බිරිඳට එල්ල   කළ උදලු මිට  පහරක්  17 හැවිරිදි  දරුවාට  වැදී ඔහු බරපතල තුවාල ලබා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා ඇතැයි බලන්ගොඩ පොලිසිය කියයි.
 
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ  බලන්ගොඩ මස්සැන්න උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.
 
උගුඩුවෙකුට එල්ල  කළ පොලු පහරක්  වැදී එම දරුවා  තුවාල වූ බව ඔහුගේ මව  රත්නපුර රෝහල් පොලිසියට පවසා තිබිණි. එය සැක බවද  රත්නපුර රෝහල් පොලිසිය, බලන්ගොඩ  පොලිසිය වෙත  දැනුම්  දී ඇත.

එම දරුවා පදිංචි  මස්සැන්න උඩුමුල්ල ප්‍රදේශයට  ගොස්   විමර්ශනය කිරීමේදී  ඔහුගේ වැඩිමහල්  13 හැවිරිදි   සහෝදරියගෙන්  පොලිසිය  කරුණු  විමසා  තිබේ. එහිදී පියා බීමතින් පැමිණ මවට එල් කළ පහර ගැටුම බේරීමට ගිය සහෝදරයාට වැදුණු බව ඇය පවසා ඇත.

පහර දුන්  උදලු  මිටද එම  දරුවා  පදිංචිව සිටි නිවසේ ඇඳ යට තිබී  පොලිසිය  සොයාගෙන  ඇත.

පහර  දුන් සැකකරුවා අත්අඩංගුවට ගැනීමට  නියමිතය.



අදහස් (0)

බීමත් පියාගේ උදලු මිට පහරින් දරුවා රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site