IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බදුල්ලේ කෘෂි පරියේෂණ නිලධාරීන් 450 කට සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කට්ටල-වියළි ආහාර

එෆ්.අස්ලම්

ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව සහ ඩිලාන් පෙරේරා සහයෝගීතා පදනම එක්ව බදුල්ල දිස්ත්‍රීක්කයේ කෘෂිකර්ම පර්යේෂණය නිෂ්පාදන සහකාර නිලධාරීවරුන් 450ක් සදහා සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල සහ වියළි ආහාර බෙදා දීමක් අද(10) දින සිදුවිනි.

මීට අමතරව බදුල්ල දිස්ත්‍රීක්කයේ  කෘෂිකර්ම පර්යේෂණය නිෂ්පාදන සහකාර නිලධාරීවරුන් මගින් ගොවිජන සේවා මධ්‍යස්ථාන 31ම ආවරණය වන පරිදි එම නිලදාරීවරුන් 450ක් වෙත මහජනතාවට බෙදා දීම සදහා   ගෙවතු වගා සංවර්ධනය වෙනුවෙන් වගාබීජ පැකටු 30,000කට අධික සංඛ්‍යාවක්   මෙහිදී බාර දෙනු ලැබුවේ ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් රසික හේමජිත් සිල්වා මහතා විසිනි.

කොරෝනා වයිරසය හේතුවෙන් පැන නැගී ඇති වත්මන් තත්වයත් ඉදිරියේදී  මුහුණ දීමට සිදුවන ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණ දීමත් අරමුණු කරගනිමින් ගෙවතු වගා සදහා ජනතාව දිරිමත් කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් රසික හේමජිත් සිල්වා මහතා පැවසීය.

දිස්ත්‍රීක්කයේ සිටින 450ක් පමණ වූ කෘෂිකාර්ම පර්යේෂණය නිෂ්පාදන සහකාර නිලදාරීන් විසින් ඔවුන් සේවය කරන ප්‍රදේශවල ගෙවතු වගා සිදුකරන පුද්ගලයින් වෙත බීජබෙදා හැරීමට නියමිත අතර එම ක්‍රියාදාමය සෞඛ්‍යාරක්ෂිතව  සිදුකිරීම සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල සහ වියළි ආහාර ඇතුළත් සහන මල්ලක් ඩිලාන් පෙරේරා සහයෝගීතා පදනම දායකත්වය සපයනු ලැබිණි.
 



අදහස් (0)

බදුල්ලේ කෘෂි පරියේෂණ නිලධාරීන් 450 කට සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කට්ටල-වියළි ආහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site