(එච්. චන්දන)
පාසැල් දරුවන් ඉලක්ක කරගෙන මත්පෙති විකුණූ පුද්ගලයකු මත්පෙති 6660ක් සමඟ අද(29) අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම පෙති මිලදී ගන්නා මුවාවෙන් ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ටැමඩෝල් යනුවෙන් සඳහන් කර ඇති මෙම පෙති 10ක බැගින් අඩංගු මත්පෙති ඇසුරුම් 660 ක් තිල්අඩිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
මෙම මත්පෙති අසුරනයක් රුපියල් 500ක මුදලකට අලෙවි කර ඇති බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් ඉලක්ක කරගෙන ඕව විකිණීම කරන්නේ කව්ද කියල අපි දන්නවා.