රොමේෂ් මධුෂංඛ
මුලතිව් පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේ දී නිවසක් තුළ මහපරිමාණයෙන් සිදුකරගෙන ගිය දැව ජාවාරමක් වැටලීමටට පුදුකුඩිඉරිප්පු පොලීසිය සමත්විය.
පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණු තොරතුරකට අනුව දේවිපුරම් ප්‍රදේශයේ පිහිටි අදාළ නිවස පරික්ෂා කර ඇති අතර පොලිස් නිලධාරීන් දැක නිවසේ හිමිකරු පලා ගොස් තිබේ.
පසුව පොලිස් නිලධාරීන් විසින් නිවස පරික්ෂා කිරීමේදී විවිධ වර්ගවලට අයත් රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුත් ඉරන ලද දැව තොගයක් තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර පැන ගිය නිවසේ හිමිකරු අත්අඩංගුවට ගැනීමටද පරික්ෂණ ආරම්භ කර ඇති අතරම නිවසේ සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පුදුකුඩිඉරිප්පු පොලීසියි විසින් පියවර ගනු ලැබීය.
අදාළ නිවසේ සිට මුලතිව් පුදුකුඩිඉරිප්පු රක්ෂතයෙන් කපාගන්නා ලද දැව ඉරා විකිණීම කලක සිට සුදු කර ඇති බවටද පරික්ෂණ සිදු කරන පුදුකුඩිඉරිප්පු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd