විනීතා එම් ගමගේ
මහනුවර දිස්ත‍්‍රික්කයේ මිණිපේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි හසලක කාර්මික විද්‍යාලයේ දී කෘෂි නිෂ්පාදන තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කිරීමට ජාතික විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යංශය පියවර ගෙන ඇත.
මෙම පාඨමාලාව වෘත්තීය සුදුසුකම් 5 හා 6 වැනි මට්ටමට සමාන වන බව එම අමාත්‍යංශය කියයි. මෙම මට්ටමේ වෘත්තීය සුදුසුකම සහිත කෘෂිකර්ම ජාතික ඩිප්ලෝමා පාඨමාලාවන් මේ වන විට දඹුල්ල හා කුලියාපිටිය කාර්මික විද්‍යාලවල මේ වනවිට පවත්වා ගෙන යන බවත් කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළඳපොළට ගැලපෙන පරිදි හැඩ ගැස්වීමත් සඳහා මෙසේ තවත් කාර්මික විද්‍යාලයක පාඨමාලාව ආරම්භ කළ බව විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා එම අමාත්‍යංශයේ අද (11) පැවැති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.
මේ මස 14 වැනිදා පෙරවරු 9 ට නව පාඨමාලා ආරම්භය හසලක කාර්මික විද්‍යාලයේ දී සිදුකෙරෙන බවත් ඊට සමගාමීව හසලක කාර්මික විද්‍යාලය මුල් කරගනිමින් මිණිපේ ප‍්‍රදේශයේ නව වන වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා කීය.
පාංශු විද්‍යාව, එළවළු නිෂ්පාදනය, පළතුරු නිෂ්පාදනය, බෝග කළමනාකරණය, සත්ව පාලනය, උද්‍යාන අලංකරණය, තවාන් කළමනාකරණය, ගොවිපල යාන්ත‍්‍රිකරණය යන විෂය කේෂත‍්‍ර මෙම පාඨමාලාවට ඇතුළත් ය.
හසලක කාර්මික විද්‍යාලයේ ආරම්භ වන මෙම කෘෂි නිෂ්පාදන තාක්ෂණ ඩිප්ලෝමාව පූර්ණ කාලින අවුරුදු එකහමාරක පාඨමාලාවක් වන අතර එය ජාතික වෘත්තිය සුදුසුකම හයවන මට්ටම සම්පූර්ණ කළ පසු කෘෂි උපදේශක, ව්‍යාප්ති නිලධාරි තේ පරික්ෂක, පොල් සංවර්ධන නිලධාරි සත්ව සංවර්ධන උපදේශක ඇතුළු ශ්‍රී ලංකා තාක්ෂණික සේවයේ අදාළ රැකියා සඳහා ඉල්ලූම් කළ හැකිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් මේකට සම්බන්ධ වෙන්න ඕන. කොහොමද ඒක කරන්නේ.
සම්බන්ධ වෙන්නේ කෙසේද.? සුදුසුකම් මොනවද.?
පාඨමාලා සදහා ඇතුල්වෙන්නේ කෙසේද.?
මෙකට සම්බන්ද වෙන්නෙ කොහොම ද?
මටත් ඒ කෘෂි පාඨමාලා හැදෑරීමට අවශ්‍යය.. මොනවාද අවශ්‍ය සුදුසුකම්
මට ඒ පාඨමාලාවට සම්බන්ද වෙන්න ඕන විදිය දැනගන්න අවශ්‍යයි
මේකට සහබාගී වීමට අවශය සුදුසුකම් මොනාද.?
මටත් මේ සදහා අනිවාර්යයෙන්ම සහභාගි වීමට උවමනයි.
මටත් මෙයට සහභාගි වීමට අවශ්‍යයි. සුදුසුකම් හා වැඩි විස්තර දැන ගන්නේ කොහොමද?
මම මේ පාර උසස් පෙළ කරේ. මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද. අවශ්‍ය සුදුසුකම් මොනවද?
මේ සදහාඅවශ්‍ය මොන සුදුසුකම්ද O/L ?
මෙයට සම්බන්ධ වෙන්නේ කොහොමද? අවශ්‍ය සුදුසුකම් මොනවාද? වැඩි විස්තර දැනගන්නේ කොහොමද?
මම උසස් පෙලට බයෝ කරන්නේ.මෙම පාඨමාලාව හැදැරීමට එය සුදුසුකමක්ද ?තවත් සුදුසුකම් තියනවද. මෙම පාඨමාලාව කල විට හැදෑරිය හැකි රැකියා අවස්ථා මොනවාදැයි පැහැදිලි විස්තරයක් මගෙ ඊ මේල් ඇඩ්‍රස් එකට එවනවද?
වැඩි විස්තර සහ අයදුම්පත් ලබා ගන්නේ කෙසේද
කවදද හසලක කෘෂි නිෂ්පාදන තාක්ෂණය ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කරන්නේ
මටත් මේකට සම්බන්ධ වෙන්න ඕන අවශ්‍ය සුදුසුකම් මොනවද විස්තර එවන්න.
හසලක කෘෂි නිෂ්පාදන තාක්ෂණ ඩිප්ලෝමවට දැන් ඇතුළත් වෙන්න පුළුවන්ද?
කොහොමද සම්බන්ධ වෙන්නේ මේකට
ගොඩක් හොද පාඨමාලාවක්