(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
මැසි මදුරුවන් බෝවන ආකාරයෙන් නිවාස පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවෙස් හිමියන් 11දෙනෙකුට රුපියල් 16,500 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (24) නියෝග කළේය.
එක් අයෙකුට රුපියල් 1500 බැගින් මෙම දඩ මුදල නියම කරන ලදී.
බලන්ගොඩ නගරය ආසනයේ පදිංචි නිවෙස් හිමියන් පිරිසකට මෙලෙස දඩ නියම විය.
බලන්ගොඩ දිස්ත්‍රික් පරිසර පොලිසිය ඊයේ (23) බලන්ගොඩ නගරය ආසනයේ නිවාස පරීක්ෂා කළ අතර, එහිදී මැසි මදුරුවන් බෝවන ආකාරයෙන් නිවාස පරිශ්‍ර පවත්වාගෙන ගිය අයට එරෙහිව නඩු පවරා ඔවුන්ව අද අධිකරණයට ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd