IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


නවගම්පුර අනවසරෙන් ඉදිකළ නිවාස 10ක් ඉවත් කෙරේ

(වසන්ත චන්ද්‍රපාල)
 
අම්පාර, නවගම්පුර ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකර තිබූ  නිවාස 10 ක් අම්පාර නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්, අම්පාර නගර සභාව සහ අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
 
අම්පාර නගරයේ දැනට ඉඩම්  ඉතිරිව ඇත්තේ නවගම්පුර ප්‍රදේශයේ පමණකි. මෙම ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු හිස් ඉඩම් විකිණීමේ කටයුත්තක නිරත වන බවට සැලවීමෙන් පසු අනවසරයෙන් අල්ලා ගෙන ඇති ඉඩම්වල තාවකාලික මඩු ඉවත් කිරීමට නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් තක්ෂිලා ගුණරත්න මහත්මිය පියවර ගෙන තිබේ.
 
ඒ අනුව අම්පාර නවගම්පුර ගම්මානයට ගිය පිරිස ඉදිකර තිබූ මඩු කිහිපයක් සහ අනවසරයෙන් කොටුකර තිබූ ඉඩම්වල  වැටවල් ගලවා ඉවත්කළහ. අම්පාර  නගරාධිපති  චමින්ද සුගත් මහතාද මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පැමිණ සිටියේය.
 
අනවසරෙන් ඉදිකර ඇති තවත් නිවාස 25 ක බලහත්කාරයෙන් පදිංචි වී සිටින පුද්ගලයින්ට විරුද්ධව නඩු පවරා ඔවුන්ව ඉවත් කරන බවද තක්ෂිලා ගුණරත්න මහත්මිය පැවසුවාය.
 
“මෙම ප්‍රදේශයේ ඉඩම් අල්ලා විකුණන ජාවාරමක් පිළිබඳව අපිට තොරතුරු ලැබිලා තියෙනවා. රජයේ ඉඩම් කාටවත් එහෙම විකුණන්න බැහැ. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් සල්ලි දීලා ඉඩම් අරගෙන අමාරුවේ වැටෙන්න එපා කියලා. නවගම්පුර අනවසර ඉදිකිරීම් සියල්ලම ඉදිරියේදී ඉවත් කරනවා” යැයි අම්පාර නියොජ්‍ය ඉඩම් කොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසුවාය.



අදහස් (0)

නවගම්පුර අනවසරෙන් ඉදිකළ නිවාස 10ක් ඉවත් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 138 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1079 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site