(උපාලි රණවීර)
පහළ දොම්පේ ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින් බැහැර කරන අපවිත්‍ර ජලය නිසා පරිසරික හානි ඇති වන බව පවසමින් ප්‍රදේශවාසීන් එම ඇලුමිනියම් කර්මාන්තශාලාව ඉදිරියේ උද්ඝෝෂණයක නිරතවූහ.
එම අප ද්‍රව්‍ය ප්‍රදේශයේ ඇළ මාර්ග ඔස්සේ කුඹුරු වලට ගලා යාමෙන් මසුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇත. මෙසේ මිය ගිය මසුන් ද උද්ඝෝෂණය කරන ස්ථානයට රැගෙනවිත් ඇත.
මෙම කර්මාන්ත ශාලාවෙන් සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස උද්ඝෝෂකයන් ඉල්ලා සිටිති.


COMMENTS
අපවිත්‍ර ජලය එලට හරවන්නේ නැතුව උඹලාගේ අම්මලාගේ යට තියෙන කුණුගන්ඩ ගහන කාණුවලටදෝ හරවන්න කියන්නේ? තියෙන දෙයින් සංතෝෂ වෙන්න.....එකෙන් උඹලට රස්සා ලැබුණා.........අනික කුඹුරුවලට හෙන ගහල ගියත් උඹලට ඇති රුදාව කුමක්ද?ඔය ගෙන්නන්නේ ඕනෑතරම් හාල් පකිස්ථානෙන්, ඉන්දියාවෙන්