IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දෙනියාය වත්තේ ළමා සුරැකුම් මධයස්ථානය සොරු කඩලා

(එස් .ඩි .කොඩිකාර )

දෙනියාය - එනසල් වතුයායේ දළු මඩුවේ ගබඩා කාමරය සහ ළමා සුරැකුම්  මධ්‍යස්ථානය  අද  (16) සොරුන් පිරිසක් විසින් කඩා දමා ඇති බව දෙනියාය පොලිසිය කියයි.
 
පැට්නා  කොටසෙහි ඇති දළු මඩුවේ ගබඩා කාමරයේ දොර කඩා ඇතුළු වූ සොරුන් එහි තිබූ විදුලි කියතක් සහ තණකොළ කපන මැෂිමක් රැගෙන ගොස් ඇත.

ළමා සුරකුම්  මධ්‍යස්ථානයේ  ජනේලයෙන් ඇතුළු වූ සොරුන්  එහි තිබී කුඩා ළමුන්ට ලබා දෙන ත්‍රිපෝෂ පැකට් 15 ක් ගෙන ගොස් ඇති බව සහකාර වතු අධිකාරිවරයා පොලිසියට පැමිණිලි කර ඇත.

ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාව  අද (16) උදෑසන ළමා සුරකුම් මධ්‍යස්ථානය විවෘත කර බලන අවස්ථාවෙහි එහි ත්‍රිපෝෂ පැකට් තිබු ස්ථානයේ ත්‍රිපෝෂ පැකට් නොතිබූ හෙයින් පාලිකාව ඒ බව සහකාර වතු අධිකාරිවරයාට දන්වා ඇත.

පැට්නා කොටසෙහි ඇති ගබඩා කාමරයේ ඉදිරි දොරෙහි ඉබ්බා කඩා ඇති බව මුරකරු සහකාර වතු අධිකාරිවරයාට දැන්වීමෙන් පසු සිද්ධීන් දෙක සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත .



අදහස් (0)

දෙනියාය වත්තේ ළමා සුරැකුම් මධයස්ථානය සොරු කඩලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site