(රංජිත් රාජපක්‍ෂ )
රජය මගින් අවුරුදු 70ට වැඩි පුද්ගලයින්ට ලබාදෙන රුපියල් 2000ක දිමනාව හා අබාධිත පුද්ගලයින්ට මාසිකව ලබා දෙන රුපියල් 250ක දිමනාව තැපැල් කාර්යාල මගින් නිසි දිනට ලබා ගැනිමට නොහැකි බව එහි ප්‍රතිලාබීහු චෝදනා කරති.
සෑම මසකම 07 වැනි දා සිට 10 වැනි දා දක්වා මෙම දිමානාව ගෙවිමට නියමිත වුවත් එම දිනයන්ට එම දිමනාව ලබා ගැනිමට නොහැකි බව ඔවුහු චෝදනා කරති.
මෙම දීමනාව නිසි වේලාවට ලබා ගැනිමට නොහැකි වීම නිසා තේ වතු ආශ්‍රිතව ජිවත් වන වැඩි ප‍්‍රතිලාභින් පිරිසක් දැඩි අසිරුතාවකට පත්ව සිටින බව කියැවේ.
මේ සම්බන්ධයෙන් අප ප‍්‍රදේශයේ තැපැල් කාර්යාල කිහිපයක ස්ථානාධීපතිවරුන්ගෙන් කළ විමසුමකදී එම ස්ථානාධිපතිවරුන් පැවසුවේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් එම ලැයිස්තුව ලද විගසම අදාල දිමනාව ගෙවිමට කටයුතු කරන බවයි. මේ ගෙවිම සදහා දින කිහිපයක් යොදා ගෙන ඇති බවද ස්ථානාධිපතිවරු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd