(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිල්ලණිය ගොවි ජන සේවා මධ්‍යස්ථානය භූමියේ තාවකාලිකව තනන ලද ලෑලි බංකුවක් මත තිබී ජීව උණ්ඩ 3ක් හමු වූ බව මිල්ලණිය පොලිසිය පවසයි.
බෝර 12 වර්ගයේ ගිනි අවිවලට යොදන ජීව උණ්ඩයක්, නයින් එම් එම් ගිනි අවිවලට යොදන උණ්ඩයක් සහ ටී-56 ගිනි අවි පුහුණු උණ්ඩයක් ඒ අතර වූ බව පොලිසිය කියයි.
ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී කුලසිංහගේ නිශාන්ත කුලසිංහ මහතා විසින් පොලිසියට කළ දැනුම්දීමකට අනුව මෙම උණ්ඩ පොලිසිය බාරයට ගෙන ඇත.
මිල්ලණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd