IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඡන්දෙන් පසු අලියා ජාතික ආණ්ඩුවක්

මැතිවරණයට පෙර ජාතික ආණ්ඩුවක් පිහිටුවා මහ මැතිවරණ කල්දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර නායකයන් සාකච්ඡා කළ ද, ජනතාවට පොරොන්දු වූ පරිදි දින සියයෙන් පසු මහ මැතිවරණයක් පැවැත්විය යුතුය යන්න එජාපයේ ස්ථාවරය යැයි එජාපයේ මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් මහතා කීවේය.

ඉදිරි මහ මැතිවරණය නව මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු බවට කැබිනට් අනුමැතියක් ලැබී නැතැයි කී ඇමැති වරයා මැතිවරණ ක්‍රමය කඩිනමින් වෙනස් කිරීම ගැන සාකච්ඡා කළ බව ද පැවසීය.

ඊළඟ මැතිවරණය පැවැත්විය යුත්තේ කුමන ක්‍රමයක් යටතේ ද යන්න ගැන සුළු ජාතික පක්ෂ සමඟ ද සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

  එජාපය ජයග්‍රහණය කර සෙසු පක්ෂ සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව ද කීවේය.

(වීඩියෝ සනත් ඩෙස්මන්)



අදහස් (0)

ඡන්දෙන් පසු අලියා ජාතික ආණ්ඩුවක්

සුමුදු හේවා Sunday, 05 April 2015 05:41 PM

අපි කාට ඡන්දය දෙනවාදැයි නොදැන කල්තබාම මෙහෙම අනාවැකි කියන්නේ කොහොමද? (නි)

:       0       0

රෝයි Monday, 09 March 2015 10:30 AM

දින සියයෙන් ඡන්දයකට යාම වගේම බොහෝ පොරොන්දු ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුනා. අනිත් සියල්ල අමතක කරලා ඡන්දය පමණක් නැකතට තියන්න ඡන්දය දීපු ජනතාව ඉඩ දෙන්නේ නැහැ. අනික කොහොමද යු.එන්.පී රජයක් යටතේ සෙසු පක්ෂ එකතුවෙනවා කියලා අනාවැකි කියන්නේ. පොරොන්දු ඉටු නොකර හිටියොත් ඔබට වෙනවා වෙනත් පක්ෂයකට මුක්කු ගහන්න. එම නිසා ජනතා පොරොන්දු වලට මුල්තැන දෙන්න. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 09 March 2015 11:34 AM

ඔය කියන දින සියයේ වැඩ සටහන ඉදිරිපත් කලේ රනිල් මහත්තයවත් එක්සත් ජාතික පක්ෂයවත් නොවෙයි නේද? මට නම් මතක ඔය වැඩ සටහන ඉදිරිපත් කලේ මයිත්‍රීපාල සිරිසේන මහත්තය ජනාධිපතිවරයා ලෙස පත් උනහම මුලින්ම ක්‍රියාත්මක කරන වැඩ සටහන ලෙසයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site