චතුරංග සඳරැස්ගම
යුද හමුදා සෙබළෙකුගේ රියදුරු බලපත්‍රය පොලිස් භාරයට ගැනීම නිසා උරණවී, රාත්‍රී මුර සංචාරයේ නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට කඩුවකින් පහරදී බරපතල තුවාල සිදු කළ බව කියන යුද හඑමුදා සෙබළකු ඇතුළු සිව් දෙනෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් පොලිස් කොස්තාපල් බාරයේ තිබූ රියදුරු බලපත්‍රය ද පැහැරගෙන පලා ගොස් තිබේ.
කහටගස්දිගිලිය පොලිස්වසමේ රන්පත්විල හංදියේදී එල්ලවූ කඩු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ කහටගස්දිගිලිය පොලිසියේ සාමාන්‍ය රාජකාරිවල නිරතවූ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල් 56666 ඥානවංශ (41) මහතායි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd