විනීතා එම් ගමගේ
කල්පිටිය දළුව ශ්‍රී සුමනාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද ජල පෙරණ පද්ධතිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී රියර් අද්මිරාල් පියල් සිල්වා මහතා අතින් විවෘත කෙරිණි.
කල්පිටිය අර්ධ ද්වීපයේ දළුව හා අවට ගම්මානවල ජනතාවට පානීය ජලය නොමිලේ ලබාදෙන මෙම ජල පෙරණ පද්ධතිය රුපියල් ලක්ෂ පනහක වියදමින් ඉදිකරනු ලැබුයේ නාවික හමුදාවේ වියදමිනි.
දළුව ශ්‍රී සුමනාරාමාධිපති, පුත්තලම සර්ව ආගමික කමිටුවේ සභාපති, කල්පිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන්ගේ ඉල්ලීමක් මත මෙම ජල පිරිපහදුව ඉදිකර ඇත.
මෙතෙක් එම ප‍්‍රදේශවාසින් භාවිතා කළේ බෝතල් කළ පානීය ජලය මිලදී ගැනීමෙනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd