ඔගස්ටින් ප්‍රනාන්දු
නීතිවිරෝධී ලෙසින් අමතර කොටස් ගෙන්වා අලෙවියට සුදානම් කර තිබු යතුරුපැදි පහක් සමඟ එක් පුද්ගලයකු මාරවිල කටුනේරිය ප්‍රදේශයේ දී අද (9) අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය කියයි.
පිට රටින් ගෙන ආ යතුරු පැදි විකිණිමට ප්‍රදර්ශනයට තබා ඇති බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් ගොස් පරික්ෂාවක දී මෙම යතුරුපැදි පහ සොයා ගෙන ඇත.
ජපානයේ සේවය කරන අයෙකු විසින් නීතිවිරෝධි ලෙසින් කොටස් වශයෙන් මෙරටට ඒවා පසුව එම කොටස් එකලස් කර මෙම යතුරුපැදි ධාවනයට සුදුසු අයුරින් සකස් කර අලෙවි කිරිමට සුදානම් කර තිබිණි.
වලංගු ලියකියවිලි ඉදිරිපත් කරන ලෙසට සැකකරුට දන්වා ඇති අතර එසේ නොකරන්නේ නම් මෙම යතුරුපැදි හා සැකකරු මාරාවිල අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd