(මොහොමඩ් ආසික්)
හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු මෙන්ම එජාප පළාත් සභා අපේක්ෂකයෙකුද වන අතුල අල්විස් මහතා ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා හමුවී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්වූහ.
2011 වසරේ දී හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටි අතුල අල්විස් මහතා මධ්‍යම පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂ අපේක්සකයෙකු වශයෙන් තරඟ කර ඇති අතර මෙම ප්‍රදේශයේ ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයෙකුද වෙයි.
දිලුම් අමුණුගම මහතා හමුවී ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්වූ අතර ඔහු සමඟ එක්සත් ජාතික පාක්ෂිකයින් පරිසක්ද එක්ව සිටියහ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.