(එන්. ආරච්චි)
දැරණියගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මාලිබොඩ ග්‍රාම සේවා වසමේ ඔරු පිහිල්ලගම, උමංදොළ ඇළ රක්ෂිතයේ ගසක් කැපූ දෙදෙනෙකු දෙහිඕවිට අඩවි වන කාර්ය්‍යාලයේ නිලධාරීන් විසින් අද (18)අත්තඩංගුවට ගෙන ඇත.
මාලිබොඩ ග්‍රාම නිලධාරීවරයාට ලැබුනු තොරතුරක් මත සැකකකරුවන් දෙදෙනා, එම ගසේ කඳන් 6 ක් හා දම්වැල් කියත්ද අත්තඩංගුවන ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා අඩවි වන කාර්ය්‍යාලයේ ඇප මත මුදා හැර ඇති අතර මේ මස 20 වන දින ඔවුන්ට අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට අඩවි වන කාර්ය්‍යාලයෙන් දැනුම් දී තිබේ.
ගසෙහි වටිනාකම රුපියල් 10,000ක් පමණ වන බවට අඩවි වන කාර්යාලය පවසයි.
සැකකරුවන් දෙදෙනා ඔරුපිහිල්ලගම දේශයේ පදිංචිකරුවන් දෙදෙනකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd